ගම්පහ දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,386.6 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012දි ) 2,294,641 ක් විය. දිස්ත්‍රික්ක අග නගරය ගම්පහ වේ.
| ගම්පහ දිස්ත්‍රික්කය | |
|---|---|
| පරිපාලන දිස්ත්‍රික්කය | |
ගම්පහ දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | බස්නාහිර පළාත |
| සරිය | |
| • මුළු | 1,386.6 කිමී2 (535.4 සතරැස් සැත) |
| • භූමිය | 1,341 කිමී2 (518 සතරැස් සැත) |
| • ජලය | 46 කිමී2 (18 සතරැස් සැත) |
| ජනගහණය(2012) | |
| • මුළු | 2,294,641 |
| • ඝණත්වය | 1,700/කිමී2 (4,300/වර්ග සැත) |
| වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
1978 වර්ෂයේදී කොළඹින් වෙන් වී ස්වාධීන දිස්ත්‍රික්කයක් බවට පත්වූ ගම්පහ දිස්ත්‍රික්කය තුල ග්‍රාමසේවා වසම් 1177ක් සහිත ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක් සහ මහ නගර සභා 2ක්, නගර සභා 5ක් හා ප්‍රදේශීය සභා 12ක් පවතියි.
භූගෝලීය පසුබිම
දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,386.6 ක් වන අතර එය ශ්‍රි ලංකා භූමි ප්‍රමාණයෙන් 2.1% පමණ වේ.ගම්පහ දිස්ත්‍රික්කය උතුරු අක්ෂාංශ 6º54.5 සිට 7º20 අතර හා නැගෙනහිර දේශාංශ 79º 48.75 සිට 80º13 අතර දක්වා පැතිර පවතී. .
ඓතිහාසික පසුබිම
වෙනත් කරුණු
දේශගුණය
- සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය - මි. මි. 1750 ( හෙනරත්ගොඩ මි. මි. 2,477 )
- අවම සාමාන්‍ය උෂ්නත්වය - සෙ. අංශක 21.6
- උපරිම සාමාන්‍ය උෂ්නත්වය - සෙ. අංශක 37.0
ආර්ථිකය
ප්‍රදේශයේ වී වගාව හෙක්ටයාර් 1955ක් ද රබර් අක්කර 1425ක් ද, අන්නාසී, කෙසෙල්, පළතුරු, එළවළු, බුලත්, අමතරව ද වගා කෙරේ. ග්‍රාමීයව කර්මාන්ත ලෙස මැටි, රන්රිදී, උළු ගඩොල්, අත්යන්ත්‍ර, පේෂකර්ම, වේවැල්, පොල් අශ්‍රිත කර්මාන්ත හා කළුගල් කැඩීම පවති. විවිධ මහා පරිමාණ කර්මාන්ත ශාලාද ගම්පහ දිස්ත්‍රික්කය තුල පිහිටා ඇත.
ජාතිය අනුව ජනගහන තොරතුරු
| වසර | සිංහල | ශ්‍රී ලංකා යෝනක | ශ්‍රී ලංකා දෙමළ | මැලේ | වෙනත් | එකතුව | |||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| අඟය | % | අඟය | % | අඟය | % | අඟය | % | අඟය | % | ||
| 1981 ජනසංගණනය | 1,279,512 | 91.99% | 37,826 | 2.72% | 48,182 | 3.46% | 8,675 | 0.62% | 16,667 | 1.20% | 1,390,862 |
| 2001 ජනසංගණනය | 1,877,545 | 90.98% | 78,705 | 3.81% | 65,302 | 3.16% | 13,683 | 0.66% | 28,449 | 1.38% | 2,063,684 |
| 2012 ජනසංගණනය | 2,079,115 | 90.61% | 95,501 | 4.16% | 80,071 | 3.49% | 11,658 | 0.51% | 28,296 | 1.23% | 2,294,641 |
ආගම අනුව දිස්ත්‍රික් ජනගහනය
| වසර | බෞද්ධ | ක්‍රිස්තියානි | ඉස්ලාම් | හින්දු | වෙනත් | එකතුව | |||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| අඟය | % | අඟය | % | අඟය | % | අඟය | % | අඟය | % | ||
| 1981 ජනසංගණනය | 989,212 | 71.12% | 325,915 | 23.43% | 48,117 | 3.46% | 26,750 | 1.92% | 868 | 0.06% | 1,390,862 |
| 2001 ජනසංගණනය | 1,479,955 | 71.71% | 446,647 | 21.64% | 93,496 | 4.53% | 42,356 | 2.05% | 1,230 | 0.06% | 2,063,684 |
| 2012 ජනසංගණනය | 1,640,166 | 71.48% | 486,173 | 21.19% | 114,851 | 5.01% | 52,221 | 2.28% | 1,230 | 0.05% | 2,294,641 |
පරිපාලන ව්‍යුහය
| පරිපාලන ව්‍යුහය | සංඛ්‍යාව |
|---|---|
| ප‍්‍රා.ලේ. කොට්ඨාස සංඛ්‍යාව | 13 |
| ග‍්‍රා.නි. වසම් සංඛ්‍යාව | 1177 |
| ගම්මාන සංඛ්‍යාව | |
| මැතිවරණ කොට්ඨාස |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 13කි එනම්.
- අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කැළණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ගම්පහ දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති පළාත් පාලන ආයතන
මහ නගර සභා
ගම්පහ දිස්ත්‍රික්කයේ මහ නගර සභා ගණන 2කි එනම්.
- ගම්පහ මහනගර සභාව
- මීගමුව මහනගර සභාව
නගර සභා
ගම්පහ දිස්ත්‍රික්කයේ නගර සභා ගණන 5කි එනම්.
- වත්තල-මාබෝල නගර සභාව
- මිනුවන්ගොඩ නගර සභාව
- කටුනායක-සීදූව නගර සභාව
- ජා-ඇල නගර සභාව
- පෑලියගොඩ නගර සභාව
ප්‍රදේශීය සභා
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා ගණන 12කි එනම්.
- දිවුලපිටිය ප්‍රාදේශීය සභාව
- කටාන ප්‍රාදේශීය සභාව
- මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව
- මීරිගම ප්‍රාදේශීය සභාව
- අත්තනගල්ල ප්‍රාදේශීය සභාව
- ගම්පහ ප්‍රාදේශීය සභාව
- ජා-ඇල ප්‍රාදේශීය සභාව
- දොම්පෙ ප්‍රාදේශීය සභාව
- කැලණිය ප්‍රාදේශීය සභාව
- මහර ප්‍රාදේශීය සභාව
- බියගම ප්‍රාදේශීය සභාව
- වත්තල ප්‍රාදේශීය සභාව
ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය තුල පිහිටි නගර
මහ නගර
වෙනත් නගර
බියගම, වේයන්ගොඩ, දොම්පෙ, කඩවත, පුගොඩ, රදාවාන, කිරිදිවැල, ජා-ඇල, කදාන, රාගම,වැලිසර, ඒකල, මිනුවන්ගොඩ, ගණේමුල්ල, යක්කල, මිරිස්වත්ත, වැලිවේරිය, අත්තනගල්ල, ඌරපොල, නිට්ටඹුව, පල්ලෙවෙල, පස්යාල, මීරිගම,දුනගහ, කටාන, දිවුලපිටිය, ගොඩිගමුව, හැදල, සීදුව, කටුනායක, වැලිහේන, කොටදෙනියාව, මරදගහමුල, උඩුගම්පල, බෙම්මුල්ල
මේවාද බලන්න
ආශ්‍රිත
- http://sinhala.news.lk.php53-16.dfw1-2.websitetestlink.com/2011-09-14-04-31-58/2011-09-14-04-32-15/17651-4568455456566 සංරක්ෂණය කළ පිටපත 2014-09-09 at the Wayback Machine ආසියාවේ ආශ්චර්යය කරා ගම්පහ ඉදිරි ගමනක...
- ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවිය[1] සංරක්ෂණය කළ පිටපත 2015-08-05 at the Wayback Machine
- ගම්පහ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවිය[2] සංරක්ෂණය කළ පිටපත 2015-02-06 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය පිළිබඳ තොරතුරු, ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය යනු කුමක්ද? ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය යනු කුමක් දර්ශනය කරන්නේ?