ශ්‍රී ලංකාවේ පළාත් පාලන ඡන්ද විමසීම, 2025

ශ්‍රී ලාංකික පළාත් පාලන මැතිවරණය, 2025 යනු, ශ්‍රී ලංකාවෙහි 17 වන පළාත් පාලන මැතිවරණය වෙයි. මෙම ඡන්ද විමසීමෙන් වසර 4ක ධුර කාලයක් සඳහා සභිකයින් තෝරා පත් කර ගනු ඇත. 2025 මාර්තු 17 සිට මාර්තු 20 දක්වා නාමයෝජනා භාර ගත් අතර මෙම ඡන්ද විමසීම 2025 මැයි 6 වැනිදා පැවැත්වීමට නියමිතය. පළාත් පාලන ආයතන 336කට සභිකයින් තෝරා පත් කර ගැනීමට ශ්‍රී ලාංකිකයන් සුදුසුකම් ලබයි.

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ඡන්ද විමසීම, 2025

← 2024 6 මැයි 2025

පළාත් පාලන ආයතන 339ක්
(මහ නගර සභා 28ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 275ක්)
ලියාපදිංචි ඡන්දදායකයින්17,296,330
  පළමුවන පක්ෂය දෙවන පක්ෂය තෙවන පක්ෂය
 
නායකයා අනුර කුමාර දිසානායක සජිත් ප්‍රේමදාස මහින්ද රාජපක්ෂ
පක්ෂය ජාතික ජන බලවේගය සමගි ජන බලවේගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
අවසන් මැතිවරණය 5.75%,
පළාත් පාලන ආයතන 0
නැත 40.47%,
පළාත් පාලන ආයතන 231
පෙර තිබූ ආසන 434 නැත 3,436
දිනා ගත් ආසන 3,927 1,767 742
ආසන වෙනස 3,493 1,767 2,694
ජනප්‍රිය ඡන්ද 4,503,930 2,258,480 954,517
ප්‍රතිශතය 43.26% 21.69% 9.17%
වෙනස්වීම 37.51 pp 21.69 pp 31.30 pp

  සතරවන පක්ෂය පස්වන පක්ෂය හයවන පක්ෂය
 
ITAK
නායකයා රනිල් වික්‍රමසිංහ එස්. ශිවඥානම් අනුර ප්‍රියදර්ශන යාපා
පක්ෂය එක්සත් ජාතික පක්ෂය ඉලංගෙයි තමිළ් අරසු කච්චි පොදු ජන එක්සත් පෙරමුණ
අවසන් මැතිවරණය 29.42%,
පළාත් පාලන ආයතන 34
2.73%,
පළාත් පාලන ආයතන 41
12.10%,
පළාත් පාලන ආයතන 9
පෙර තිබූ ආසන 2,433 417 1,048
දිනා ගත් ආසන 381 377 300
ආසන වෙනස 2,052 40 748
ජනප්‍රිය ඡන්ද 488,406 307,657 387,098
ප්‍රතිශතය 4.69% 2.96% 3.72%
වෙනස්වීම 24.73 pp 0.23 pp 8.38 pp

පසුබිම

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන සඳහා අවසන් වරට මැතිවරණයක් පැවැත්වූයේ 2018 වසරේදීය. එහිදී අලුතින් පිහිටුවන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 40%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත්විය.

එම පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ 2019 වසරේ පැවති ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ අතර, ඔහුගේ සොහෝදරයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ 2020 වසරේ පැවති මහ මැතිවරණයද ජයග්‍රහණය කළේය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාවේ පාලක පක්ෂය බවට පත්වුණි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය, දරුණු ආර්ථික අර්බුදය ඇතුළු සමාජීය, දේශපාලනික සහ පරිපාලනමය අභියෝගවලට මුහුණ දීමට සිදු විය. මෙම අභියෝග හේතුවෙන් 2022 වසරේදී දිවයින පුරා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට හෝ අරගලයකට තුඩු දුන් අතර මෙරට දේශපාලනික අර්බුදයකට ලක්විය.

එල්ලවූ මහජන විරෝධයේ ප්‍රතිඵලයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ රටින් පළා ගොස් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ අතර මහින්ද රාජපක්ෂ ද අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රථමයෙන් අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු ඔහු වැඩබලන ජනාධිපතිධුරයටට පත්විය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉතිරි ධුර කාලය සඳහා 2022 ජූලි 21 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ ඡන්ද විමසීමකදී, රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.

2024 සැප්තැම්බර් 21 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී, ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පරාජය කරමින් ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා බවට පත්විය. ඉන්පසු පැවති මහ මැතිවරණයේදී, ජාතික ජන බලවේගය ආසන 159ක් සහ ඡන්ද 61.56%ක් ලබා ගනිමින් අති බහුතරයක් දිනා ගැනීමට සමත්විය. ඒ හේතුවෙන් ජාතික ජන බලවේගය ශ්‍රී ලංකාවේ පාලක පක්ෂය බවට පත්වනු ඇත.

ඡන්ද විමසීම කල් දැමීම

මෙම පළාත් පාලන මැතිවරණය මුලින්ම පැවැත්වීමට නියමිතව තිබුණේ 2022 වසරේදීය. කෙසේ වෙතත්, ආර්ථික අර්බුදය හේතුවෙන් එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මැතිවරණය කල් දමන ලදී. ඡන්දය නැවතත් කල් දමා බවට ඇති චෝදනා නොදැකමින්, ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව 2023 වසරේ මාර්තු 9 වැනිදා පවත්වන දිනය ලෙස ප්‍රකාශයට පත් කළේය.

2023 පෙබරවාරි 13 වැනිදා රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි කල්පනී ලියනගේ මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යවමින් කියා සිටියේ පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ සම්පූර්ණ පිරිවැය මැතිවරණ කොමිෂන් සභාව විසින් ගෙවන තුරු ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම නොහැකි වනු ඇති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම දිනයක් නොමැතිව කල් දැමීමට සිදුවිය. පෙබරවාරි අග වන විට, මේ මැතිවරණය සඳහා රජය මහා භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රසම්පාදන ලබා දී නොතිබූ බැවින් මැතිවරණය නොපවත්වනු ඇතැයි සැකයක් පැවතුනි. ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස මුදල් නොමැතිකම හේතුවෙන් මැතිවරණය නොපැවැත්විය යුතු බව එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. 2023 පෙබරවාරි 24 වැනිදා, මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් පළාත් පාලන මැතිවරණය කල් දැමූ අතර, පළමුව එම වසරේ අප්‍රේල් 25 වැනිදාට නැවත මැතිවරණය නියම කළ නමුත් පසුව ඡන්දය නැවතත් කල් දැමීය.

නීතිමය පියවර

2024 අගෝස්තු 22 වැනිදා, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නියම කළ පරිදි නොපැවැත්වීමෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් සහ එවක මුදල් අමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

2024 දෙසැම්බර් 3 වැනිදා, 2023 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවනු ලැබූ නාමයෝජනා ආපසු කැඳවීම පිණිස ලැබුණු නාමයෝජනා අවලංගු කර නව නාමයෝජනා කැඳවීම සඳහා විශේෂ පනත් කෙටුම්පත සකස් කර ගැනීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය. මෙම පනත් කෙටුම්පත 2025 ජනවාරි 1 වැනිදා ගැසට් කර අතර 2025 ජනවාරි 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් ඇතුළු පාර්ශ්ව විසින් පළාත් පාලන ඡන්ද විමසිම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලැබුවා. ශ්‍රේෂ්ඨාධිකරණය 2025 ජනවාරි 27 වැනිදා පෙත්සම් විභාගය අවසන් කරමින් එහි තීන්දුව කථානායක ජගත් වික්‍රමරත්නට සහ ජනාධිපති අනුර කුමාර දිසානායකට යොමු කළේය. 2025 පෙබරවාරි 14 වැනිදා, කථානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය බලාත්මක කිරීම සඳහා විශේෂ බහුතරයක් අවශ්‍ය වන බවත් එහි තීන්දුව සඳහන් කළේය. මෙම පනත් කෙටුම්පත 2025 පෙබරවාරි 17 වැනිදා විවාදයට ගෙන සංශෝධන රහිතව විශේෂ බහුතරයකින් සම්මත විය. එදිනම කථානායක ජගත් වික්‍රමරත්න පනත් කෙටුම්පතට සිය සහතිකය සටහන් කළ අතර මෙම පනත් කෙටුම්පත 2025 අංක 01 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත ලෙස බලාත්මක විය.

2025 පෙබරවාරි 17 වැනිදා, පළාත් පාලන ආයතන 337 ක ධුර කාලය 2025 ජුනි 2 වැනිදා සිට ආරම්භ කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දුන්නේය. පළාත් පාලන ආයතන 337ට මහ නගර සභා 27ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 274ක් ද ඇතුළත් වේ.

2025 මාර්තු 3 වැනිදා, මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය නිකුත් කරමින් කියා සිටියේ පළාත් පාලන ආයතන ඡන්ද විමිසම සඳහා නාමයෝජනා භාරගැනීමේ කාලය 2025 මාර්තු 17 සිට 2025 මාර්තු 20 වැනිදා පස්වරු 12:00 දක්වා පිළිගනු ලබන බවයි. අංක 2424/02 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් කර ඇති පරිදි, පළාත් පාලන ආයතන 337ක් සඳහා නාමයෝජනා පිළිගනු ලැබේ. කෙසේ වෙතත් අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් කල්ගිය, කල්මුණේ මහ නගර සභාව සහ දෙහිඅත්තකණ්ඩිය, මන්නාරම, පුනාකරි යන ප්‍රාදේශිය සභා සදහා 2025 මාර්තු 10 වන දින නාමයෝජනා භාරගත් අතර ඒ්වායේ ඡන්දයද 2025 මැයි 06 පවත්වන බව මැතිවරණ කොමිසම නිවේදනය කලහ. නමුත් ඇල්පිටිය යන ප්‍රාදේශීය සභා සඳහා මැතිවරණ කලින් පැවැත්විය.

මැතිවරණ කාල රාමුව

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ විශේෂ දිනයන්
දිනය දවස සිදුවීම මූලාශ්‍ර
2024 සැප්තැම්බර් 21 සෙනසුරාදා 2024 ජනාධිපතිවරණය: ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තේරී පත්වෙයි.
2024 නොවැම්බර් 14 බ්‍රහස්පතින්දා 2024 මහ මැතිවරණය: ජාතික ජන බලවේගය අති බහුතරයක් දිනා ගනිමින්, ආසන 159ක් සහ ඡන්ද 61.56%ක් ලබා ගැනියි.
2025 මාර්තු 3–19 සඳුදා සිට බදාදා දක්වා ඇප තැන්පත් කිරීමේ කාලය.
2025 මාර්තු 17–20 සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා නාමයෝජනා භාර ගැනීමේ කාලය.
2025 මැයි 6 අඟහරුවාදා මැතිවරණය පැවැත්වෙන දිනය.
2025 ජූනි 2 සඳුදා පළාත් පාලන ආයතන 337ක් (මහ නගර සභා 27ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 274ක්) සඳහා නිල කාලය ආරම්භ වන දිනය.

ඡන්ද ක්‍රමය

2012 අංක 22 දරන, 2016 අංක 1 දරන සහ 2017 අංක 16 දරන පළාත් පාලන ආයතන මැතිවරණ (සංශෝධන) පනත්වල දක්වා ඇති පරිදි, මිශ්‍ර සමානුපාතික ක්‍රමය භාවිතා කරමින් පළාත් පාලන ආයතන මැතිවරණ පවත්වනු ලැබේ. ඒනම් 60% ක් කොට්ඨාශ වලින් ද (තනි-මන්ත්‍රී සහ බහු-මන්ත්‍රී යන දෙකම) සහ 40% ක් සමානුපාතික නියෝජනය ලැයිස්තු වලින්ද වන ආකාරයටයි. සීමා නිර්ණය කොමිෂන් සභාව විසින් සියලුම පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සංඛ්‍යාව නිර්වචනය කර ඇති අතර, එම විස්තර ගැසට් මගින් (2015 අගෝස්තු 21 දින අංක 1928/26 සහ 2017 පෙබරවාරි 17 දින අංක 2006/44) ප්‍රකාශයට පත් කර ඇත.

දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නාමයෝජනා ලැයිස්තු දෙකක් ඉදිරිපත් කළ යුතු අතර, එමඟින් මුළු අපේක්ෂක සංඛ්‍යාව පළාත් පාලන ආයතනයේ අවශ්‍ය සාමාජිකත්වයට සමාන විය යුතුය. ඊට අමතරව, සමානුපාතික ලැයිස්තුවට අමතර අපේක්ෂකයින් තිදෙනෙකු ඇතුළත් විය යුතුය.

කාන්තා නියෝජනය සහතික කිරීම සඳහා, තේරී පත් වූ මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවෙන් 10%ක් කාන්තාවන් විය යුතු අතර, එය කොට්ඨාශ සහ සමානුපාතික ක්‍රම දෙකෙහිම බෙදා හරිනු ලැබේ. තරුණ නියෝජනය මුලින් 25%ක් ලෙස නියම කරන ලද අතර පසුව එය 30% දක්වා වැඩි කරන ලදී, නමුත් එය අනිවාර්ය කර නොමැත.

2025 දී, මැතිවරණ කොමිසම නාමයෝජනා ලැයිස්තු වල තරුණ නියෝජනය 25% ඉක්මවිය යුතු බවට නියෝග කළේය. කොට්ඨාශ මට්ටමේ නාමයෝජනා ලැයිස්තු වල අවම වශයෙන් කාන්තා අපේක්ෂකයින් 25% ක් ඇතුළත් වන බව දේශපාලන පක්ෂ සහතික කළ යුතු අතර, සමානුපාතික නාමයෝජනා ලැයිස්තු වල කාන්තා නියෝජනය 50% ක් තිබිය යුතුය.

2025 මාර්තු 1 වන දින මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක මගින්, එක් එක් පළාත් පාලන ආයතනය සඳහා නම් කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව, පළමු සහ දෙවන නාමයෝජනා පත්‍රවල අවශ්‍ය නාමයෝජනා, තැන්පතු මුදල් සහ අවම කාන්තා සහ තරුණ අපේක්ෂකයින් සංඛ්‍යාව විස්තර කර ඇත. 25% ක නියෝජනයක් පවත්වා ගැනීම සඳහා සෑම පළාත් පාලන ආයතනයක් සඳහාම තෝරා පත් කර ගත යුතු කාන්තා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ද එහි සඳහන් කර ඇත.

පළාත් පාලන ආයතන ලැයිස්තුව

මැතිවරණ කොමිසම මගින් නිකුත් කල අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව ඇති පලාත් පාලන ආයතන ලැයිස්තුව.

කොළඹ දිස්ත්‍රික්කය

කොළඹ දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනය කොට්ඨාස සංඛ්‍යාව සභික සංඛ්‍යාව
කොළඹ මහනගර සභාව 47 113
දෙහිවල-ගල්කිස්ස මහනගර සභාව 27 51
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව 21 38
කඩුවෙල මහනගර සභාව 28 49
මොරටුව මහනගර සභාව 29 51
කොලොන්නාව නගර සභාව 9 21
සීතාවකපුර නගර සභාව 12 26
මහරගම නගර සභාව 25 44
කැස්බෑව නගර සභාව 20 39
බොරැලස්ගමුව නගර සභාව 10 19
කොටිකාවත්ත ප්‍රාදේශිය සභාව 21 39
සීතාවක ප්‍රාදේශිය සභාව 26 46
හෝමාගම ප්‍රාදේශිය සභාව 28 49
සමස්ත 303 582

ගම්පහ දිස්ත්‍රික්කය

ගම්පහ දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනය කොට්ඨාස සංඛ්‍යාව සභික සංඛ්‍යාව
මීගමුව මහනගර සභාව 29 51
ගම්පහ මහනගර සභාව 17 31
වත්තල-මාබෝල නගර සභාව 6 19
කටුනායක-සීදුව නගර සභාව 11 31
මිනුවන්ගොඩ නගර සභාව 8 18
ජා-ඇල නගර සභාව 9 19
පෑලියගොඩ නගර සභාව 10 19
වත්තල ප්‍රාදේශිය සභාව 21 38
කටාන ප්‍රාදේශිය සභාව 24 44
දිවුලපිටිය ප්‍රාදේශිය සභාව 26 46
මීරිගම ප්‍රාදේශිය සභාව 29 51
මිනුවන්ගොඩ ප්‍රාදේශිය සභාව 28 49
අත්තනගල්ල ප්‍රාදේශිය සභාව 25 53
ගම්පහ ප්‍රාදේශිය සභාව 22 39
ජා-ඇල ප්‍රාදේශිය සභාව 26 46
මහර ප්‍රාදේශිය සභාව 32 58
දොම්පේ ප්‍රාදේශිය සභාව 25 44
බියගම ප්‍රාදේශිය සභාව 32 56
කැලණිය ප්‍රාදේශිය සභාව 23 43
සමස්ත 403 745

කළුතර දිස්ත්‍රික්කය

කළුතර දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනය කොට්ඨාස සංඛ්‍යාව සභික සංඛ්‍යාව
කළුතර මහනගර සභාව 19 34
පානදුර නගර සභාව 10 19
හොරණ නගර සභාව 7 14
බේරුවල නගර සභාව 9 19
පානදුර ප්‍රාදේශීය සභාව 26 49
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව 20 36
හොරණ ප්‍රාදේශීය සභාව 29 53
මදුරාවල ප්‍රාදේශීය සභාව 9 18
බුලත්සිංහල ප්‍රාදේශීය සභාව 14 28
මතුගම ප්‍රාදේශීය සභාව 19 36
දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාව 13 26
කළුතර ප්‍රාදේශීය සභාව 19 34
බේරුවල ප්‍රාදේශීය සභාව 23 44
පාලින්දනුවර ප්‍රාදේශීය සභාව 13 26
අගලවත්ත ප්‍රාදේශීය සභාව 12 23
වලල්ලාවිට ප්‍රාදේශීය සභාව 14 26
මිල්ලනිය ප්‍රාදේශීය සභාව 12 23
සමස්ත 268 507

මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනය කොට්ඨාස සංඛ්‍යාව සභික සංඛ්‍යාව
මහනුවර මහනගර සභාව 22 44
වත්තේගම නගර සභාව 9 18
කඩුගන්නාව නගර සභාව 9 18
ගම්පොළ නගර සභාව 17 31
නාවලපිටිය නගර සභාව 9 18
තුම්පනේ ප්‍රාදේශිය සභාව 18 33
හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාව 22 39
අකුරණ ප්‍රාදේශිය සභාව 17 33
පූජාපිටිය ප්‍රාදේශිය සභාව 17 31
පාතදුම්බර ප්‍රාදේශිය සභාව 18 33
පන්විල ප්‍රාදේශිය සභාව 10 19
උඩුදුම්බර ප්‍රාදේශිය සභාව 10 19
මිනිපේ ප්‍රාදේශිය සභාව 13 24
මැදදුම්බර ප්‍රාදේශිය සභාව 19 34
කුණ්ඩසාලේ ප්‍රාදේශිය සභාව 24 44
පාතහේවාහැට ප්‍රාදේශිය සභාව 23 44
මහනුවර කඩවත් සතර සහ ගගවට කෝරලය ප්‍රාදේශිය සභාව 13 24
යටිනුවර ප්‍රාදේශිය සභාව 26 46
උඩුනුවර ප්‍රාදේශිය සභාව 23 41
උඩපලාත ප්‍රාදේශිය සභාව 25 46
ගඟ ඉහල කෝරලය ප්‍රාදේශිය සභාව 13 24
පස්බාගේ කෝරලය ප්‍රාදේශිය සභාව 11 23
සමස්ත 368 686

මාතලේ දිස්ත්‍රික්කය

මාතලේ දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනය කොට්ඨාස සංඛ්‍යාව සභික සංඛ්‍යාව
දඹුල්ල මහනගර සභාව 12 24
මාතලේ මහනගර සභාව 11 24
පල්ලේපොල ප්‍රාදේශිය සභාව 10 19
ගලේවෙල ප්‍රාදේශිය සභාව 17 31
දඹුල්ල ප්‍රාදේශිය සභාව 16 29
අඹන්ගඟ කෝරලය ප්‍රාදේශිය සභාව 9 19
නාවුල ප්‍රාදේශිය සභාව 10 19
ලග්ගල පල්ලේගම ප්‍රාදේශිය සභාව 10 19
විල්ගමුව ප්‍රාදේශිය සභාව 10 19
මාතලේ ප්‍රාදේශිය සභාව 16 33
යටවත්ත ප්‍රාදේශිය සභාව 10 19
උකුවෙල ප්‍රාදේශිය සභාව 16 29
රත්තොට ප්‍රාදේශිය සභාව 15 28
සමස්ත 162 312

නුවරඒළිය දිස්ත්‍රික්කය

නුවරඒළිය දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනය කොට්ඨාස සංඛ්‍යාව සභික සංඛ්‍යාව
නුවරඒළිය මහනගර සභාව 9 24
හැටන් - දික්ඔය නගර සභාව 6 18
තලවාකැලේ - ලිඳුල නගර සභාව 5 14
මස්කෙලිය ප්‍රාදේශිය සභාව 10 19
නෝර්වුඩ් ප්‍රාදේශිය සභාව 12 23
අඹගමුව ප්‍රාදේශිය සභාව 13 24
ආගරපතන ප්‍රාදේශිය සභාව 9 18
කොටගල ප්‍රාදේශිය සභාව 10 19
නුවරඒළිය ප්‍රාදේශිය සභාව 14 26
කොත්මලේ ප්‍රාදේශිය සභාව 28 56
හඟුරන්කෙත ප්‍රාදේශිය සභාව 24 43
වලපනේ ප්‍රාදේශිය සභාව 28 58
සමස්ත 168 342

ගාල්ල දිස්ත්‍රික්කය

ගාල්ල දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනය කොට්ඨාස සංඛ්‍යාව සභික සංඛ්‍යාව
ගාල්ල මහනගර සභාව 20 38
අම්බලන්ගොඩ නගර සභාව 12 23
හික්කඩුව නගර සභාව 11 21
බලපිටිය ප්‍රාදේශිය සභාව 19 34
අම්බලන්ගොඩ ප්‍රාදේශිය සභාව 12 23
වැලිවිටිය-දිවිතුර ප්‍රාදේශිය සභාව 9 18
ඇල්පිටිය ප්‍රාදේශිය සභාව
කරන්දෙණිය ප්‍රාදේශිය සභාව 12 23
බෙන්තොට ප්‍රාදේශිය සභාව 13 24
නෙළුව ප්‍රාදේශිය සභාව 10 19
තවලම ප්‍රාදේශිය සභාව 10 19
නාගොඩ ප්‍රාදේශිය සභාව 15 28
නියාගම ප්‍රාදේශිය සභාව 10 19
බද්දේගම ප්‍රාදේශිය සභාව 19 34
යක්කලමුල්ල ප්‍රාදේශිය සභාව 12 23
රත්ගම ප්‍රාදේශිය සභාව 17 31
අක්මීමන ප්‍රාදේශිය සභාව 15 29
බෝපේ-පෝද්දල ප්‍රාදේශිය සභාව 12 23
ඉමදුව ප්‍රාදේශිය සභාව 10 19
හබරාදුව ප්‍රාදේශිය සභාව 15 28
සමස්ත 253 476

මාතර දිස්ත්‍රික්කය

මාතර දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනය කොට්ඨාස සංඛ්‍යාව සභික සංඛ්‍යාව
මාතර මහනගර සභාව 17 31
වැලිගම නගර සභාව 11 21
පිටබැද්දර ප්‍රාදේශිය සභාව 12 23
කොටපොල ප්‍රාදේශිය සභාව 13 26
කිරින්ද-පුහුල්වැල්ල ප්‍රාදේශිය සභාව 7 14
මුලටියන ප්‍රාදේශිය සභාව 13 24
පස්ගොඩ ප්‍රාදේශිය සභාව 16 29
අතුරළිය ප්‍රාදේශිය සභාව 10 19
අකුරැස්ස ප්‍රාදේශිය සභාව 14 29
මාලිම්බඩ ප්‍රාදේශිය සභාව 10 19
හක්මන ප්‍රාදේශිය සභාව 9 19
කඹුරුපිටිය ප්‍රාදේශිය සභාව 10 19
තිහගොඩ ප්‍රාදේශිය සභාව 10 19
දෙවිනුවර ප්‍රාදේශිය සභාව 12 23
දික්වැල්ල ප්‍රාදේශිය සභාව 16 29
මාතර ප්‍රාදේශිය සභාව 17 31
වැලිගම ප්‍රාදේශිය සභාව 25 44
සමස්ත 222 416

හම්බන්තොට දිස්ත්‍රික්කය

හම්බන්තොට දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනය කොට්ඨාස සංඛ්‍යාව සභික සංඛ්‍යාව
හම්බන්තොට මහනගර සභාව 10 24
තංගල්ල නගර සභාව 8 21
වීරකැටිය ප්‍රාදේශිය සභාව 20 38
කටුවන ප්‍රාදේශිය සභාව 17 31
බෙලි අත්ත ප්‍රාදේශිය සභාව 16 29
තංගල්ල ප්‍රාදේශිය සභාව 16 29
අගුණුකොලපැලැස්ස ප්‍රාදේශිය සභාව 11 21
අම්බලන්තොට ප්‍රාදේශිය සභාව 18 33
තිස්සමහාරාම ප්‍රාදේශිය සභාව 13 24
සූරියවැව ප්‍රාදේශිය සභාව 6 13
හම්බන්තොට ප්‍රාදේශිය සභාව 8 16
ලුණුගම්වෙහෙර ප්‍රාදේශිය සභාව 10 19
සමස්ත 153 298

යාපනය දිස්ත්‍රික්කය

යාපනය දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනය කොට්ඨාස සංඛ්‍යාව සභික සංඛ්‍යාව
යාපනය මහනගර සභාව 27 48
වැල්වෙටිතුරෙයි නගර සභාව 9 18
පේදුර තුඩුව නගර සභාව 9 18
චාවකච්චේරි නගර සභාව 11 21
කරෙයිනගර් ප්‍රාදේශිය සභාව 6 13
කයිට්ස් ප්‍රාදේශිය සභාව 8 16
ඩෙල්ෆ් ප්‍රාදේශිය සභාව 8 16
වෙලනායි ප්‍රාදේශිය සභාව 12 23
වලිකාමම් බටහිර ප්‍රාදේශිය සභාව 15 28
වලිකාමම් උතුර ප්‍රාදේශිය සභාව 21 38
වලිකාමම් නිරිත ප්‍රාදේශිය සභාව 17 31
වලිකාමම් දකුණ ප්‍රාදේශිය සභාව 18 33
වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශිය සභාව 22 39
වඩමාරච්චි ප්‍රාදේශිය සභාව 19 34
පේදුර තුඩුව ප්‍රාදේශිය සභාව 12 23
චාවකච්චේරි ප්‍රාදේශිය සභාව 17 31
නල්ලූර් ප්‍රාදේශිය සභාව 12 23
සමස්ත 243 453

මන්නාරම දිස්ත්‍රික්කය

මන්නාරම දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනය කොට්ඨාස සංඛ්‍යාව සභික සංඛ්‍යාව
මන්නාරම නගර සභාව 7 18
නානාට්ටාන් ප්‍රාදේශිය සභාව 8 19
මූසලී ප්‍රාදේශිය සභාව 10 19
මාන්තෙයි බටහිර ප්‍රාදේශිය සභාව 11 24
සමස්ත 36 80

වව්නියාව දිස්ත්‍රික්කය

වව්නියාව දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනය කොට්ඨාස සංඛ්‍යාව සභික සංඛ්‍යාව
වව්නියාව මහනගර සභාව 10 23
වව්නියාව උතුර ප්‍රාදේශිය සභාව 14 26
වෙංගලසෙට්ටිකුලම් ප්‍රාදේශිය සභාව 10 21
වව්නියාව දකුණ දමිල ප්‍රාදේශිය සභාව 13 29
වව්නියාව දකුණ සිංහල ප්‍රාදේශිය සභාව 9 19
සමස්ත 368 686

මුලතිව් දිස්ත්‍රික්කය

මුලතිව් දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනය කොට්ඨාස සංඛ්‍යාව සභික සංඛ්‍යාව
මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශිය සභාව 8 16
තුණුක්කායි ප්‍රාදේශිය සභාව 8 16
පුදුකුඩිරිප්පු ප්‍රාදේශිය සභාව 12 23
මාරිටිමේපත්තු ප්‍රාදේශිය සභාව 13 24
සමස්ත 41 79

කිලිනොච්චි දිස්ත්‍රික්කය

කිලිනොච්චි දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනය කොට්ඨාස සංඛ්‍යාව සභික සංඛ්‍යාව
පච්චිලායිපල්ලි ප්‍රාදේශිය සභාව 8 16
කරච්චි ප්‍රාදේශිය සභාව 21 38
සමස්ත 29 54

මඩකලපුව දිස්ත්‍රික්කය

මඩකලපුව දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනය කොට්ඨාස සංඛ්‍යාව සභික සංඛ්‍යාව
මඩකලපුව මහනගර සභාව 20 36
ඒරාවුර් නගර සභාව 10 19
කාත්තන්කුඩි නගර සභාව 10 19
කෝරලේපත්තු බටහිර ප්‍රාදේශිය සභාව 11 21
ඒරාවුර් පත්තු ප්‍රාදේශිය සභාව 18 33
කෝරලේපත්තු ප්‍රාදේශිය සභාව 14 26
කෝරලේපත්තු උතුර ප්‍රාදේශිය සභාව 10 21
මංමුණෙයි දකුණ සහ ඒරාවුර් පත්තු ප්‍රාදේශිය සභාව 11 23
මංමුණෙයි ප්‍රාදේශිය සභාව 10 19
මංමුණෙයි බටහිර ප්‍රාදේශිය සභාව 10 19
මංමුණෙයි නිරිත ප්‍රාදේශිය සභාව 10 19
පෝරතිව්පත්තු ප්‍රාදේශිය සභාව 10 19
සමස්ත 144 274

අම්පාර දිස්ත්‍රික්කය

අම්පාර දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනය කොට්ඨාස සංඛ්‍යාව සභික සංඛ්‍යාව
අක්කරෙයිපත්තු මහනගර සභාව 12 23
අම්පාර නගර සභාව 10 19
දමන ප්‍රාදේශිය සභාව 10 19
උහන ප්‍රාදේශිය සභාව 17 31
මහඔය ප්‍රාදේශිය සභාව 11 21
නාමල්ඔය ප්‍රාදේශිය සභාව 10 19
පදියතලාව ප්‍රාදේශිය සභාව 12 23
නවිතාවේලි ප්‍රාදේශිය සභාව 7 16
සමන්තුරෙයි ප්‍රාදේශිය සභාව 10 23
ඉරකාමම් ප්‍රාදේශිය සභාව 7 16
අක්කරෙයිපත්තු ප්‍රාදේශිය සභාව 5 11
පොතුවිල් ප්‍රාදේශිය සභාව 12 23
අඩාලච්චේන ප්‍රාදේශිය සභාව 11 21
අලයාදිවෙම්බු ප්‍රාදේශිය සභාව 10 19
ලාහුගල ප්‍රාදේශිය සභාව 11 21
කරෙයිතිවු ප්‍රාදේශිය සභාව 7 14
නින්දවුර් ප්‍රාදේශිය සභාව 8 16
තිරුක්කෝවිල් ප්‍රාදේශිය සභාව 10 19
සමස්ත 180 354

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනය කොට්ඨාස සංඛ්‍යාව සභික සංඛ්‍යාව
ත්‍රිකුණාමලය මහනගර සභාව 12 28
කින්නියා නගර සභාව 8 16
වේරුගල් ප්‍රාදේශිය සභාව 8 16
සේරුවිල ප්‍රාදේශිය සභාව 10 19
කන්තලේ ප්‍රාදේශිය සභාව 13 24
මොරවැව ප්‍රාදේශිය සභාව 9 19
ගෝමරන්කඩවල ප්‍රාදේශිය සභාව 10 19
පදවිය - ශ්‍රී පුර ප්‍රාදේශිය සභාව 10 19
ත්‍රිකුණාමලය ප්‍රාදේශිය සභාව 8 21
කුච්චවේලි ප්‍රාදේශිය සභාව 10 19
තඹලගමුව ප්‍රාදේශිය සභාව 10 19
මූතුර් ප්‍රාදේශිය සභාව 13 24
කින්නියා ප්‍රාදේශිය සභාව 8 16
සමස්ත 129 259

කුරුණෑගල දිස්ත්‍රික්කය

කුරුණෑගල දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනය කොට්ඨාස සංඛ්‍යාව සභික සංඛ්‍යාව
කුරුණෑගල මහනගර සභාව 13 24
කුලියාපිටිය නගර සභාව 9 19
ගිරිබාව ප්‍රාදේශිය සභාව 10 19
ගල්ගමුව ප්‍රාදේශිය සභාව 19 34
පොල්පිතිගම ප්‍රාදේශිය සභාව 18 33
නිකවැරටිය ප්‍රාදේශිය සභාව 21 38
කොබෙයිගනේ ප්‍රාදේශිය සභාව 10 19
මහව ප්‍රාදේශිය සභාව 19 36
ඉබ්බාගමුව ප්‍රාදේශිය සභාව 25 44
වාරියපොල ප්‍රාදේශිය සභාව 23 41
පඩුවස්නුවර ප්‍රාදේශිය සභාව 22 39
බිංගිරිය ප්‍රාදේශිය සභාව 13 24
උඩුබද්දාව ප්‍රාදේශිය සභාව 11 21
පන්නල ප්‍රාදේශිය සභාව 24 44
කුලියාපිටිය ප්‍රාදේශිය සභාව 25 44
අලව්ව ප්‍රාදේශිය සභාව 15 28
නාරම්මල ප්‍රාදේශිය සභාව 11 23
පොල්ගහවෙල ප්‍රාදේශිය සභාව 22 41
කුරුණෑගල ප්‍රාදේශිය සභාව 25 44
මාවතගම ප්‍රාදේශිය සභාව 16 29
රිදීගම ප්‍රාදේශිය සභාව 22 39
සමස්ත 378 683

පුත්තලම දිස්ත්‍රික්කය

පුත්තලම දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනය කොට්ඨාස සංඛ්‍යාව සභික සංඛ්‍යාව
පුත්තලම මහනගර සභාව 11 21
හලාවත නගර සභාව 12 23
කල්පිටිය ප්‍රාදේශිය සභාව 17 34
පුත්තලම ප්‍රාදේශිය සභාව 14 26
වනාතවිල්ලුව ප්‍රාදේශිය සභාව 11 21
කරුවලගස්වැව ප්‍රාදේශිය සභාව 11 21
නවගත්තේගම ප්‍රාදේශිය සභාව 9 18
ආණමඩුව ප්‍රාදේශිය සභාව 18 33
ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාව 12 24
හලාවත ප්‍රාදේශිය සභාව 18 34
නාත්තන්ඩිය ප්‍රාදේශිය සභාව 24 43
වෙන්නප්පුව ප්‍රාදේශිය සභාව 25 44
සමස්ත 182 342

අනුරාධපුර දිස්ත්‍රික්කය

අනුරාධපුර දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනය කොට්ඨාස සංඛ්‍යාව සභික සංඛ්‍යාව
අනුරාධපුර මහනගර සභාව 14 28
මැදවච්චිය ප්‍රාදේශිය සභාව 12 23
රඹෑව ප්‍රාදේශිය සභාව 11 21
කැබිතිගොල්ලෑව ප්‍රාදේශිය සභාව 10 21
පදවිය ප්‍රාදේශිය සභාව 10 19
කහටගස්දිගිලිය ප්‍රාදේශිය සභාව 10 19
හොරොව්පතාන ප්‍රාදේශිය සභාව 12 23
ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශිය සභාව 11 21
තලාව ප්‍රාදේශිය සභාව 20 36
නුවරගම්පලාත නැගෙනහිර ප්‍රාදේශිය සභාව 11 21
නුවරගම්පලාත මධ්‍යම ප්‍රාදේශිය සභාව 16 29
නොච්චියාගම ප්‍රාදේශිය සභාව 12 23
රාජාංගනය ප්‍රාදේශිය සභාව 10 19
ගල්නෑව ප්‍රාදේශිය සභාව 10 19
ඉපලෝගම ප්‍රාදේශිය සභාව 10 19
මිහින්තලේ ප්‍රාදේශිය සභාව 10 19
තිරිප්පනේ ප්‍රාදේශිය සභාව 10 19
කැකිරාව ප්‍රාදේශිය සභාව 16 31
පලාගල ප්‍රාදේශිය සභාව 10 19
සමස්ත 225 429

පොලොන්නරුව දිස්ත්‍රික්කය

පොලොන්නරුව දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනය කොට්ඨාස සංඛ්‍යාව සභික සංඛ්‍යාව
පොලොන්නරුව මහනගර සභාව 5 13
ඇලහැර ප්‍රාදේශිය සභාව 10 19
හිඟුරක්ගොඩ ප්‍රාදේශිය සභාව 20 36
මැදිරිගිරිය ප්‍රාදේශිය සභාව 19 34
ලංකාපුර ප්‍රාදේශිය සභාව 13 26
වැලිකන්ද ප්‍රාදේශිය සභාව 10 19
දිඹුලාගල ප්‍රාදේශිය සභාව 12 24
පොලොන්නරුව ප්‍රාදේශිය සභාව 9 19
සමස්ත 98 190

බදුල්ල දිස්ත්‍රික්කය

බදුල්ල දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනය කොට්ඨාස සංඛ්‍යාව සභික සංඛ්‍යාව
බදුල්ල මහනගර සභාව 13 28
බණ්ඩාරවෙල මහනගර සභාව 8 19
හපුතලේ නගර සභාව 7 14
මහියංගණය ප්‍රාදේශිය සභාව 14 26
රිදීමාලියද්ද ප්‍රාදේශිය සභාව 11 21
සොරණාතොට ප්‍රාදේශිය සභාව 9 19
මීගහකිවුල ප්‍රාදේශිය සභාව 10 19
කන්දකැටිය ප්‍රාදේශිය සභාව 10 19
පස්සර ප්‍රාදේශිය සභාව 12 24
ලුණුගල ප්‍රාදේශිය සභාව 10 23
බදුල්ල ප්‍රාදේශිය සභාව 10 19
හාලි-ඇල ප්‍රාදේශිය සභාව 20 43
ඌව පරණගම ප්‍රාදේශිය සභාව 20 38
වැලිමඩ ප්‍රාදේශිය සභාව 24 44
බණ්ඩාරවෙල ප්‍රාදේශිය සභාව 10 19
ඇල්ල ප්‍රාදේශිය සභාව 10 24
හපුතලේ ප්‍රාදේශිය සභාව 9 23
හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභාව 10 23
සමස්ත 217 445

මොණරාගල දිස්ත්‍රික්කය

මොණරාගල දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනය කොට්ඨාස සංඛ්‍යාව සභික සංඛ්‍යාව
බිබිල ප්‍රාදේශිය සභාව 10 19
මැදගම ප්‍රාදේශිය සභාව 10 19
මඩුල්ල ප්‍රාදේශිය සභාව 11 21
සියඹලාන්ඩුව ප්‍රාදේශිය සභාව 14 26
මොණරාගල ප්‍රාදේශිය සභාව 10 21
බඩල්කුඹුර ප්‍රාදේශිය සභාව 11 21
බුත්තල ප්‍රාදේශිය සභාව 11 21
කතරගම ප්‍රාදේශිය සභාව 7 18
වැල්ලවාය ප්‍රාදේශිය සභාව 13 26
තණමල්විල ප්‍රාදේශිය සභාව 20 36
සමස්ත 117 228

රත්නපුර දිස්ත්‍රික්කය

රත්නපුර දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනය කොට්ඨාස සංඛ්‍යාව සභික සංඛ්‍යාව
රත්නපුර මහනගර සභාව 14 28
බලංගොඩ නගර සභාව 10 19
ඇඹිලිපිටිය නගර සභාව 8 16
ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව 18 34
රත්නපුර ප්‍රාදේශීය සභාව 22 39
කුරුවිට ප්‍රාදේශීය සභාව 26 46
පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාව 21 39
බලංගොඩ ප්‍රාදේශීය සභාව 21 38
ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව 13 26
ගොඩකවෙල ප්‍රාදේශීය සභාව 16 33
කහවත්ත ප්‍රාදේශීය සභාව 9 19
වැලිගේපොල ප්‍රාදේශීය සභාව 10 21
නිවිතිගල ප්‍රාදේශීය සභාව 14 26
අයගම ප්‍රාදේශීය සභාව 10 19
කලවාන ප්‍රාදේශීය සභාව 10 19
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව 17 31
කොලොන්න ප්‍රාදේශීය සභාව 10 21
සමස්ත 249 474

කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල දිස්ත්‍රික්කය
පලාත් පාලන ආයතනය කොට්ඨාස සංඛ්‍යාව සභික සංඛ්‍යාව
කෑගල්ල මහනගර සභාව 12 23
වරකාපොල ප්‍රාදේශීය සභාව 24 44
ගලිගමුව ප්‍රාදේශීය සභාව 20 36
කෑගල්ල ප්‍රාදේශීය සභාව 19 34
රඹුක්කන ප්‍රාදේශීය සභාව 21 38
මාවනැල්ල ප්‍රාදේශීය සභාව 24 43
අරණායක ප්‍රාදේශීය සභාව 18 33
යටියන්තොට ප්‍රාදේශීය සභාව 17 31
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව 11 21
රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව 16 31
දැරණියගල ප්‍රාදේශීය සභාව 12 23
දෙහිඔවිට ප්‍රාදේශීය සභාව 20 36
සමස්ත 214 393

මෑත ශ්‍රී ලාංකික මැතිවරණ ප්‍රතිඵල

ඡන්ද විමසීම ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය සමගි ජන බලවේගය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉලංගෙයි තමිළ් අරසු කච්චි වෙනත් පක්ෂ සිතියම
ඡන්ද % ඡන්ද % ඡන්ද % ඡන්ද % ඡන්ද % ඡන්ද %
2024 ජනාධිපතිවරණය 5,634,915 42.31% 4,363,035 32.76% 2,299,767 17.27% 342,781 2.57% N/A N/A 407,473 3.06%
2024 ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය 17,295 47.64% 7,924 21.83% N/A N/A 3,597 9.91% N/A N/A 7,489 20.62% N/A
2024 මහ මැතිවරණය 6,863,186 61.56% 1,968,716 17.66% 500,835 4.49% 350,429 3.14% 257,813 2.31% 1,207,027 10.22%

තරග කරන පක්ෂ

තරගකරන පක්ෂ
පක්ෂයේ නම ලකුණ ශ්‍රී ලාංකික පළාත් පාලන මැතිවරණය, 2018
ඡන්ද % ජයගත් ආසන හිමිකර ගත්
පළාත් පාලන ආයතන
  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 40.74%
3,436 / 8,708
231 / 340
  එක්සත් ජාතික පක්ෂය 29.42%
2,433 / 8,708
34 / 340
  පොදු ජන එක්සත් පෙරමුණ 12.10%
1,048 / 8,708
9 / 340
  ජාතික ජන බලවේගය 5.75%
434 / 8,708
0 / 340
  ඉලංගෙයි තමිළ් අරසු කච්චි 2.73%
417 / 8,708
41 / 340
  සමගි ජන බලවේගය N/A N/A N/A

මතභේද සහ ප්‍රචණ්ඩක්‍රියා

නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සහ නීතිමය ක්‍රියාමාර්ග

2025 මාර්තු 21 වන දින, මැතිවරණ නීතිවල දක්වා ඇති නිර්ණායක සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් නාමයෝජනා ලැයිස්තු 400 කට අධික සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වූ බව මැතිවරණ කොමිසම වාර්තා කළේය. කාන්තා සහ තරුණ නියෝජනය සඳහා අනිවාර්ය ප්‍රතිශතයන් ලබා ගැනීමට අපොහොසත් වීම මෙන්ම අපේක්ෂකයින් සඳහා අවශ්‍ය ලියකියවිලි වල ගැටලු ඊට හේතු විය.

2025 අප්‍රේල් 4 වන දින, අභියාචනාධිකරණය කලින් ප්‍රතික්ෂේප කරන ලද නාමයෝජනා ලැයිස්තු 37 ක් පිළිගැනීමට නියෝග කළ අතර, එම ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් 50 කට වැඩි ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කළේය. අප්‍රේල් 10 වන දින, අභියාචනාධිකරණය කලින් ප්‍රතික්ෂේප කරන ලද තවත් නාමයෝජනා පත්‍ර 35 ක් පිළිගැනීමට නියෝග කළේය. 2025

2025 අප්‍රේල් 7 වන දින, අභියාචනාධිකරණය විසින් කොළඹ මහ නගර සභාව (CMC) සහ හාරිස්පත්තුව, කුලියාපිටිය, පන්විල, පාතදුම්බර සහ උඩපලාත යන ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක මැතිවරණ පැවැත්වීම සම්බන්ධ වැඩිදුර ක්‍රියාමාර්ග අත්හිටුවමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලදී. පෙත්සම් විභාගය සඳහා අධිකරණය විසින් දින නියම කරන ලද දිනය වන මැයි 16 වන දින දක්වා මෙම තහනම් නියෝගය ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, 2025 අප්‍රේල් 11 වන දින, අභියාචනාධිකරණය විසින් එම තහනම් නියෝගය ඉවත් කර CMC ඇතුළු පළාත් පාලන ආයතන 18 ක් සඳහා මැතිවරණ පැවැත්වීමට අවසර දෙන ලදී. මෙම පළාත් පාලන ආයතන සඳහා කලින් ප්‍රතික්ෂේප කරන ලද නාමයෝජනා පත්‍ර පිළිගැනීමට ද අධිකරණය නියෝගයක් නිකුත් කළේය.

ඝාතනය

2025 අප්‍රේල් 22 වන දින, කොලොන්නාව නගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) අපේක්ෂකයෙකු වූ ඩෑන් ප්‍රියසාද්, පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.

ඡන්ද භාවිතය

රට පුරා ලියාපදිංචි ඡන්දදායකයින් 17,296,330 න් 17,156,338 ක් මෙම මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති අතර, කල්මුණේ මහ නගර සභාව සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා මැතිවරණ නොපැවැත්වේ. රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,759 කදී ඡන්දය ප්‍රකාශ කිරීම පැවැත්වෙන අතර, පිළිගත් දේශපාලන පක්ෂ 49 ක් සහ ස්වාධීන කණ්ඩායම් 257 ක් නියෝජනය කරමින් අපේක්ෂකයින් 75,589 ක් ඉදිරිපත්ව සිටිති.

තැපැල් ඡන්දය

මුලින් තැපැල් ඡන්දය 2025 අප්‍රේල් 22 සිට 24 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ අතර, අප්‍රේල් 28 සහ 29 යන දිනවල පෙර දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ ඡන්දදායකයින් සඳහා වෙන් කරන ලදී. කෙසේ වෙතත්, අප්‍රේල් 17 වන දින, මැතිවරණ කොමිසම තැපැල් ඡන්දය අප්‍රේල් 24, 25, 28 සහ 29 යන දිනවල නැවත කාලසටහන්ගත කළේය. එය පූර්ව අනුමත අයදුම්කරුවන්ට සීමා වේ, ප්‍රධාන වශයෙන් මැතිවරණ රාජකාරි නිසා මැතිවරණ දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වන රජයේ සේවකයින්ට.

තැපැල් ඡන්ද විමසීම අප්‍රේල් 24 වන දින ආරම්භ වූ අතර නියමිත පරිදි අප්‍රේල් 29 වන දින අවසන් විය.

ඡන්ද දිනය

ඡන්දය ප්‍රකාශ කිරීම 2025 මැයි 6 වන දින පෙ.ව. 07:00 ට ආරම්භ වී ප.ව. 16:00 ට අවසන් විය.

ප්‍රතිළුලය

ජාතික වශයෙන්

පක්ෂයඡන්ද%ආසන
සමස්ත+/-
ජාතික ජන බලවේගය4,503,93043.263927+3493
සමගි ජන බලවේගය2,258,48021.691767New
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ954,5179.17742-2694
එක්සත් ජාතික පක්‍ෂය488,4064.69381-2052
පොදු ජන එක්සත් පෙරමුණ387,0983.72300-748
ඉලංගෙයි තමිළ් අරසු කච්චි307,6572.96377New
සර්වජන බලය294,6812.83226New
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය139,8581.34116+43
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය89,1770.86106New
වෙනත් පක්ෂ සහ ස්වාධීන987,0069.48851
Total10,410,810100.0087930
වලංගු ඡන්ද10,410,81098.07
වලංගු නොවන/හිස් ඡන්ද205,2771.93
මුළු ඡන්ද10,616,087100.00
ලියාපදිංචි ඡන්ද දායකයින්/ප්‍රතිශතය17,156,33861.88
මූලාශ්‍ර: ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව, අද දෙරණ, Newswire

දිස්ත්‍රික්කය

NPP දිනූ දිස්ත්‍රික්ක
ITAK දිනූ දිස්ත්‍රික්ක
2025 ශ්‍රී ලංකාවේ පළාත් පාලන ඡන්ද විමසීම දිස්ත්‍රික් ප්‍රතිඵල
පළාත් මැතිවරණ
දිස්ත්‍රික්ක
NPP SJB ITAK වෙනත් මුළු ඡන්ද
ප්‍රතිශතය
ඡන්ද % ආසන ඡන්ද % ආසන ඡන්ද % ආසන ඡන්ද % ආසන මුළු ඡන්ද විමසීම ලියාපදිංචි ඡන්ද දායකයන් ආසන
බස්නාහිර කොළඹ 476,182 47.80% 297 195,380 19.61% 161 324,664 32.59% 175 1,016,611 1,773,460 581 57.32%
ගම්පහ 599,906 54.48% 402 225,043 20.44% 141 276,245 25.08% 174 1,122,106 1,896,304 717 59.17%
KAL 269,377 41.56% 207 151,800 23.42% 109 226,931 35.02% 160 660,663 1,033,206 476 63.94%
මධ්‍යම KAN 323,957 44.58% 307 189,246 26.04% 166 213,411 29.38% 181 746,833 1,202,558 654 62.10%
මාතලේ 117,565 43.61% 139 64,917 24.08% 68 87,100 32.31% 87 276,015 434,246 294 63.56%
NUW 133,391 35.59% 131 101,085 26.97% 82 140,277 37.44% 113 386,232 610,117 326 63.30%
දකුණු GAL 233,129 45.85% 222 122,353 23.01% 97 176,170 31.14% 138 541,435 856,355 457 63.23%
MTR 203,400 48.87% 207 93,543 22.48% 82 119,262 28.74% 105 424,993 693,549 394 61.28%
HAM 161,655 48.55% 146 67,207 20.18% 55 104,131 31.27% 83 338,234 526,599 284 64.23%
උතුරු JAF 56,615 20.45% 81 4,103 1.48% 4 88,443 31.95% 135 127,636 46.12% 189 281,744 498,140 409 56.56%
KIL 10,552 17.65% 12 2,683 4.49% 2 29,173 48.80% 36 17,377 29.06% 20 61,185 102,387 70 59.76%
MAN 14,133 21.09% 19 13,928 20.78% 18 11,056 16.50% 18 27,897 41.63% 37 67,732 91,373 92 74.13%
VAV 17,984 22.24% 26 10,596 13.10% 15 13,385 16.55% 16 38,900 48.11% 49 82,512 129,293 106 63.81%
MUL 9,534 17.96% 12 4,583 8.63% 7 20,080 37.83% 26 18,888 35.58% 24 54,098 87,800 69 61.62%
නැගෙනහිර BAT 53,002 18.62% 44 20,505 7.20% 20 91,818 32.25% 85 119,351 41.93% 104 287,739 455,520 253 63.17%
AMP 92,579 29.24% 114 41,851 13.22% 51 22,308 7.05% 25 159,892 50.49% 161 320,160 478,669 351 66.89%
TRI 52,569 24.34% 68 34,328 15.89% 36 31,394 14.53% 36 97,719 45.24% 90 218,853 319,399 230 68.52%
වයඹ KUR 414,944 47.83% 331 225,395 25.98% 163 227,123 26.19% 163 880,151 1,430,286 657 61.54%
PUT 159,242 42.31% 144 88,991 23.65% 72 128,107 34.04% 106 381,746 668,525 322 57.10%
උතුරු මැද ANU 245,307 50.12% 212 111,910 22.86% 86 132,239 27.02% 98 497,365 750,101 396 66.31%
POL 115,296 53.84% 97 51,040 23.83% 40 47,819 22.33% 38 217,863 354,111 175 61.52%
ඌව BAD 188,269 42.36% 203 107,891 24.27% 93 148,327 33.37% 133 458,890 712,401 429 64.41%
MON 120,058 45.56% 108 71,897 27.28% 53 71,551 27.16% 53 268,915 403,519 214 66.64%
සබරගමුව RAT 235,841 42.12% 210 144,990 25.89% 109 179,102 31.99% 134 571,277 932,855 453 61.24%
KEG 199,443 44.99% 188 113,215 25.54% 89 130,624 29.47% 107 452,735 715,565 384 63.27%
Total 4,503,930 43.26% 3,927 2,258,480 21.69% 1,767 307,657 2.96% 377 3,340,743 32.09% 2,722 10,616,087 17,156,338 8,793 61.88%

බලය පිහිටුවීම

දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් බහුතර බලය හිමි කර ගනු ලැබ ඇති පළාත් පාලන ආයතන 161කට අදාළව සභා පිහිටුවීම 2025 ජුනි 2 දින සිදුවිය. අනෙක් ආයතන වල බලය පිහිටුවීම විවිධ දින වලදී සිදුවිය.

බස්නාහිර පළාත

කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය සමත්විය. සීතාවක ප්‍රාදේශීය සභාව‌වේ පළමු සභා වාරය දින නියමක් නොමැතිව කල් ගියේ සභාපති තේරීමේ ඡන්ද විමසීම පිළිබද වු මතභේද හේතුවෙනි. මතුගම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට සමගි ජන බලවේගය සමත් විය.

වයඹ පළාත

කුරුණෑගල මහ නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත් විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උඩුබද්දාව ප්‍රාදේශීය සභාව සහ කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට සමත් විය.

දකුණු පළාත

නාගොඩ ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය.

මධ්‍යම පළාත

වලපනේ ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජනබල වේගය විසින් පිහිටවිය.කොටගල ප්‍රාදේශීය සභාවේ සහ ආගරපතන ප්‍රාදේශීය සභාවේ බලය ලංකා කම්කරු කොංග්‍රසය ලබා ගැනීම සමත් විය.

සබරගමුව පළාත

ඌව පළාත

හපුතලේ නගර සභාවේ බලය ස්වාධීන කණ්ඩායමක් විසින් පිහිටවිය.

උතුරු මැද පළාත

උතුරු පළාත

ඉලංකෙයි තමිල් අරසු පක්ෂය ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට සමත් විය.

නැගෙනහිර පළාත

කරෙයිනගර් ප්‍රාදේශීය සභාවේ බලය හිමිකරගෙන ඇත්තේ ස්වාධීන කණ්ඩායමකි.

සටහන්

  1. මේ දේශපාලන ව්‍යාපාරය පසුගිය 2018 පළාත් පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ලෙස තරඟ වැදුණි.
  2. මේ දේශපාලන ව්‍යාපාරය නිර්මාණය වූයේ පසුගිය 2018 පළාත් පාලන මැතිවරණයෙන් පසුවය. එබැවින් එය නව පක්ෂයකි.
  3. මේ දේශපාලන ව්‍යාපාරය පසුගිය 2018 පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරඟ වැදුණි.
  4. මේ දේශපාලන ව්‍යාපාරය පසුගිය 2018 පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ ලෙස තරඟ වැදුණි.
  5. මේ දේශපාලන ව්‍යාපාරය පසුගිය 2018 පළාත් පාලන මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය ලෙස තරඟ වැදුණි.
  6. 2024 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කළේය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 2024 පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැදුණේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ සන්ධානයක් ලෙසය.
  7. දෙවන මනාප ඡන්ද ගණන් කිරීමේ ප්‍රතිඵල නොමැතිව
ප්‍රතිළුලය
  1. "Live Sri Lanka Local Government Election Results 2025". results.elections.gov.lk. 6 මැයි 2025. සම්ප්‍රවේශය 6 මැයි 2025.
  2. "Local Authorities Election 2025 Results - Sri Lanka". election.adaderana.lk. 6 මැයි 2025. සම්ප්‍රවේශය 6 මැයි 2025.
  3. "Sri Lanka Local Government Election Results 2025". election.newswire.lk (English බසින්). 7 මැයි 2025. සම්ප්‍රවේශය 7 මැයි 2025.{{cite web}}: CS1 maint: unrecognized language (link)

මූලාශ්‍ර

  1. "පුංචි ඡන්දෙට නව ඡන්ද දායකයින් ලක්ෂය ඉක්මවූ පිරිසක්". අද දෙරණ. 11 මාර්තු 2025. සම්ප්‍රවේශය 21 මාර්තු 2025.
  2. "පුංචි ඡන්දය". දේශය වෙබ් අඩවිය. 22 පෙබරවාරි 2025. සම්ප්‍රවේශය 23 පෙබරවාරි 2025.
  3. "පළාත් පාලන ආයතන ඡන්ද විමසීම - 2025 ඡන්ද විමසීම් දිනය දැනුම්දීම" (PDF). ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව. 20 මාර්තු 2025. සම්ප්‍රවේශය 20 මාර්තු 2025.
  4. "පුංචි ඡන්දය මැයි 06". අද දෙරණ. 20 මාර්තු 2025. සම්ප්‍රවේශය 20 මාර්තු 2025.
  5. "පළාත් පාලන මැතිවරණය: පොදු ජන පෙරමුණ ඉදිරියෙන්". බී.බී.සී. සිංහල සේවය. 11 පෙබරවාරි 2018. සම්ප්‍රවේශය 22 පෙබරවාරි 2025.
  6. "ගෝඨාභයගේ ඉතිහාසය". අද දෙරණ. 17 නොවැම්බර් 2019. සම්ප්‍රවේශය 22 පෙබරවාරි 2025.
  7. "මහ මැතිවරණය 2020 - මොකද වුණේ ?". අද දෙරණ. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 22 පෙබරවාරි 2025.
  8. ජෝෂි, ස්වාති (14 ජූලි 2022). "ගෝඨාභය රාජපක්ෂ: ජනාධිපති යටතේ ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රස්තාර 7 කින්". බී.බී.සී. සිංහල සේවය. සම්ප්‍රවේශය 22 පෙබරවාරි 2025.
  9. "ශ්‍රී ලංකාවේ අර්බුදය: යුද වීරයින් දුෂ්ටයන් බවට පත්වූ හැටි". බී.බී.සී. සිංහල සේවය. 30 මැයි 2022. සම්ප්‍රවේශය 22 පෙබරවාරි 2025.
  10. "ගෝඨාභය රාජපක්ෂ: ජනපති රටින් පිටව යයි,ධුරයේ රාජකාරී අගමැතිට". බී.බී.සී. සිංහල සේවය. 12 ජූලි 2022. සම්ප්‍රවේශය 22 පෙබරවාරි 2025.
  11. "රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස දිවුරුම් දෙයි". නිව්ස් ෆස්ට් මාධ්‍ය ජාලය. 21 ජූලි 2022. සම්ප්‍රවේශය 22 පෙබරවාරි 2025.
  12. "නව ජනපති අනුර". අද දෙරණ. 22 සැප්තැම්බර් 2024. සම්ප්‍රවේශය 22 පෙබරවාරි 2025.
  13. "2024 පාර්ලිමේන්තු මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මෙන්න". හිරු ප්‍රවෘත්ති වෙබ් අඩවිය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 22 පෙබරවාරි 2025.
  14. "I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය — රජයේ නිවේදන — මහා නගර සභා ආඥාපනත — 10(2)(ආ) වගන්තිය යටතේ නියමය" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - අති විශේෂ (2424/02). රාජගිරිය, ශ්‍රී ලංකාව. 17 පෙබරවාරි 2025. 24 අප්‍රේල් 2025 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 මාර්තු 2025.
  15. කාර්ය මණ්ඩල ලේඛකයා (21 ජනවාරි 2023). "පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනි දා - ජාතික මැතිවරණ කොමිසම". නිව්ස් ෆර්ස්ට්.lk. සම්ප්‍රවේශය 21 ජනවාරි 2023.
  16. සවරනමුත්තු, සී; ද සිල්වා, ලසන්ත; කළුපතිරණ, උදය (14 පෙබරවාරි 2023). "2023 පළාත් පාලන මැතිවරණයට බාධා කිරීම් පිළිබඳ මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශය" (PDF). මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය. කොළඹ, ශ්‍රී ලංකාව. සම්ප්‍රවේශය 23 පෙබරවාරි 2025.
  17. දිසානායක, සම්පත් (20 පෙබරවාරි 2023). "පළාත් පාලන මැතිවරණය 2023:ඡන්ද කල් දැමීමෙන් රටට අත්විය හැකි ප්‍රතිවිපාක මොනවාද?". බී.බී.සී. සිංහල සේවය. සම්ප්‍රවේශය 23 පෙබරවාරි 2025.
  18. "පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනි දා නො පැවැත්වෙන බවට කොමිසමින් ප්‍රකාශයක් (විඩීයෝ)". හිරු ප්‍රවෘත්ති වෙබ් අඩවිය. 24 පෙබරවාරි 2023. සම්ප්‍රවේශය 23 පෙබරවාරි 2025.
  19. ප්‍රේමලාල්, අනුර (12 අප්‍රේල් 2023). "පුංචි ඡන්දය යළි කල් යයි". දිනමිණ. සම්ප්‍රවේශය 23 පෙබරවාරි 2025.
  20. "හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්". අද දෙරණ. 22 අගෝස්තු 2024. සම්ප්‍රවේශය 23 පෙබරවාරි 2025.
  21. "පළාත් පාලන නාමයෝජනා අවලංගු කිරීමට තීරණයක්". අද දෙරණ. 3 දෙසැම්බර් 2024. සම්ප්‍රවේශය 23 පෙබරවාරි 2025.
  22. "පළාත් පාලන නාම යෝජනා අවලංගු කිරීම සඳහා වන කෙටුම්පත ගැසට් කෙරේ". දිනමිණ. 7 ජනවාරි 2025. සම්ප්‍රවේශය 23 පෙබරවාරි 2025.
  23. මැදගෙදර, නෙල්කා (27 ජනවාරි 2023). "පුංචි ඡන්දය යළි කල් යයි". දිනමිණ. සම්ප්‍රවේශය 24 පෙබරවාරි 2025.
  24. "පුංචි ඡන්දය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක පාර්ලිමේන්තුවට කියයි". සියත ප්‍රවෘත්ති වෙබ් අඩවිය. 14 පෙබරවාරි 2025. සම්ප්‍රවේශය 24 පෙබරවාරි 2025.
  25. "පළාත් පාලන නාම යෝජනා අවලංගු කිරීම සඳහා වන කෙටුම්පත ගැසට් කෙරේ". දිනමිණ. 17 පෙබරවාරි 2025. සම්ප්‍රවේශය 24 පෙබරවාරි 2025.
  26. "පළාත් පාලන පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය". අද දෙරණ. 17 පෙබරවාරි 2025. සම්ප්‍රවේශය 24 පෙබරවාරි 2025.
  27. "පළාත් පාලන නාම යෝජනා අවලංගු කිරීම සඳහා වන කෙටුම්පත ගැසට් කෙරේ". දිනමිණ. 19 පෙබරවාරි 2025. සම්ප්‍රවේශය 20 මාර්තු 2025.
  28. "පළාත් පාලන ආයතන ඡන්ද විමසිම - 2025 පුනාකරි, මන්නාරම හා දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රදේශිය සභාවල ඡන්ද විමසන දිනය දැනුම් දීම" (PDF). ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව (LAE/2025/27). රාජගිරිය, ශ්‍රී ලංකාව. 27 මාර්තු 2025. සම්ප්‍රවේශය 27 මාර්තු 2025.
  29. "පළාත් පාලන ආයතන ඡන්ද විමසිම - 2025 — නාමයෝජනා භාරගැනීම" (PDF). ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව (2424/02). රාජගිරිය, ශ්‍රී ලංකාව. 3 මාර්තු 2025. සම්ප්‍රවේශය 20 මාර්තු 2025.
  30. "ජනාධිපතිවරණ ප්‍රතිඵල - 2024". ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව. 22 සැප්තැම්බර් 2024. 26 ඔක්තෝබර් 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 21 මාර්තු 2025.
  31. "වසර 7කට පසු පැවැත්වෙන 2025 පළාත් පාලන මැතිවරණය ගැන දැනගත යුතු කරුණු". බී.බී.සී. සිංහල සේවය. 7 මාර්තු 2025. සම්ප්‍රවේශය 21 මාර්තු 2025.{{cite web}}: CS1 maint: url-status (link)
  32. නිශ්ශංක, මහින්ද (19 මාර්තු 2025). "මැතිවරණයට ඇප තැන්පත් කිරීම අදින් අවසන්". ලංකාදීප ප්‍රවෘත්ති වෙබ් අඩවිය. සම්ප්‍රවේශය 21 මාර්තු 2025.
  33. "පළාත් පාලන ඡන්දයට නාමයෝජනා භාර ගැනීම අද සිට." නිව්ස් ෆස්ට් මාධ්‍ය ජාලය. 17 මාර්තු 2025. සම්ප්‍රවේශය 21 මාර්තු 2025.
  34. "පළාත් පාලන මැතිවරණය මැයි 06 වැනිදා". දිනමිණ. 7 ජනවාරි 2025. සම්ප්‍රවේශය 23 පෙබරවාරි 2025.
  35. "පළාත් පාලන ආයතන 336ක පුංචි ඡන්දය මැයි 6දා". දිවයින ප්‍රවෘත්ති වෙබ් අඩවිය. 21 මාර්තු 2025. සම්ප්‍රවේශය 21 මාර්තු 2025.
  36. "පළාත් පාලන ආයතන 274ක නිල කාලය සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදයනක්". හිරු ප්‍රවෘත්ති වෙබ් අඩවිය. 19 පෙබරවාරි 2025. සම්ප්‍රවේශය 21 මාර්තු 2025.
  37. Local council elections:
    • For the electoral system: "Local Authorities Election System". Election Commission of Sri Lanka. 2024. 24 සැප්තැම්බර් 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 3 දෙසැම්බර් 2024.
    • For the 2012 amendment: "Local Authorities Election (Amendment) Act, No. 22 of 2012" (PDF). Parliament of Sri Lanka. 15 නොවැම්බර් 2012. 18 අගෝස්තු 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 3 දෙසැම්බර් 2024.
    • For the 2016 amendment: "Local Authorities Election (Amendment) Act, No. 1 of 2016" (PDF). Parliament of Sri Lanka. 17 පෙබරවාරි 2016. 18 අගෝස්තු 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 3 දෙසැම්බර් 2024.
    • For the 2017 amendment: "Local Authorities Election (Amendment) Act, No. 16 of 2017" (PDF). Parliament of Sri Lanka. 31 අගෝස්තු 2017. 18 අගෝස්තු 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 3 දෙසැම්බර් 2024.
    • For the 2015 Delamination Commission: "The Gazette Extraordinary, No. 1928/26 of 2015.08.21 – Government Notifications – Local Authorities Elections Ordinance (Chapter 262)" (PDF). President of Sri Lanka. 21 අගෝස්තු 2015. 7 නොවැම්බර් 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 3 දෙසැම්බර් 2024.
    • For the 2017 Delamination Commission: "The Gazette Extraordinary, No. 2006/44 of 2017.02.17 – Government Notifications – Local Authorities Elections Ordinance (Chapter 262)" (PDF). Minister of Provincial Councils and Local Government. 17 පෙබරවාරි 2017. 7 නොවැම්බර් 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 3 දෙසැම්බර් 2024.
  38. "EC sets voter eligibility for 2025 LG polls". island.lk (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 9 මාර්තු 2025. 9 මාර්තු 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 මාර්තු 2025.
  39. "The Gazette Extraordinary, No. 2425/70 of 1 March 2025: Government Notifications" (PDF). www.documents.gov.lk. 1 මාර්තු 2025. 14 මාර්තු 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 14 මාර්තු 2025.
  40. "Over 400 nominations for LG Election rejected". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). 21 මාර්තු 2025. 23 මාර්තු 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 අප්‍රේල් 2025.
  41. "420 Nomination Papers Rejected for LG Poll". english.newsfirst.lk (ඉංග්‍රීසි බසින්). 21 මාර්තු 2025. 9 අප්‍රේල් 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 අප්‍රේල් 2025.
  42. "Complications in female, youth representation leads to most rejected nomination lists at LG polls: EC". www.dailymirror.lk (ඉංග්‍රීසි බසින්). 22 මාර්තු 2025. 22 මාර්තු 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 අප්‍රේල් 2025.
  43. "Rejection of nominations: Court orders to accept around 37 nominations". www.dailymirror.lk (ඉංග්‍රීසි බසින්). 4 අප්‍රේල් 2025. 9 අප්‍රේල් 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 අප්‍රේල් 2025.
  44. "LG polls : SC dismisses over 50 petitions on rejected nominations". www.newswire.lk (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 4 අප්‍රේල් 2025. 6 අප්‍රේල් 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 අප්‍රේල් 2025.
  45. "Court orders to re-accept 35 more rejected LG Polls nominations". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). 10 අප්‍රේල් 2025. 10 අප්‍රේල් 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 10 අප්‍රේල් 2025.
  46. "Stay order issued on poll-related activities of several LG bodies including CMC". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). 7 අප්‍රේල් 2025. 9 අප්‍රේල් 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 අප්‍රේල් 2025.
  47. "Injunction against LG Elections' activities in some areas including Colombo Municipal Council". www.hirunews.lk (ඉංග්‍රීසි බසින්). 7 අප්‍රේල් 2025. 9 අප්‍රේල් 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 අප්‍රේල් 2025.
  48. "Court lifts stay order issued on elections for several LG bodies including CMC". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). 11 අප්‍රේල් 2025. 11 අප්‍රේල් 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 අප්‍රේල් 2025.
  49. Farzan, Zulfick (11 අප්‍රේල් 2025). "LG Elections To Proceed On May 6 Following Court Order". english.newsfirst.lk (ඉංග්‍රීසි බසින්). 11 අප්‍රේල් 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 අප්‍රේල් 2025.
  50. "Rejected nominations : Notice from EC to political parties & groups". www.newswire.lk (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 15 අප්‍රේල් 2025. 15 අප්‍රේල් 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 15 අප්‍රේල් 2025.
  51. "Dan Priyasad injured in shooting". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). 22 අප්‍රේල් 2024. 23 අප්‍රේල් 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 23 අප්‍රේල් 2025.
  52. Samarawickrama, Chathuranga Pradeep (23 අප්‍රේල් 2025). "Dan Priyasad dies after shooting". www.dailymirror.lk (ඉංග්‍රීසි බසින්). 23 අප්‍රේල් 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 23 අප්‍රේල් 2025.
  53. "Dan Priyasad murder: Three arrested on suspicion". www.newswire.lk (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 23 අප්‍රේල් 2025. 23 අප්‍රේල් 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 23 අප්‍රේල් 2025.
  54. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; NWS-10M නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  55. "2024 Electoral Register, 2024(1), 2024(2), 2024(3) Supplementary Electoral Registers – Number of Registered Electors" (PDF). elections.gov.lk. මැයි 2025. 5 මැයි 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 5 මැයි 2025.
  56. "2025 LG Polls: Preparation of polling stations begins". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). 5 මැයි 2025. 5 මැයි 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 5 මැයි 2025.
  57. Farzan, Zulfick (5 මැයි 2025). "Over 17 Million Eligible to Vote Tomorrow in Islandwide Local Polls". english.newsfirst.lk (ඉංග්‍රීසි බසින්). 5 මැයි 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 5 මැයි 2025.
  58. "Postal voting dates announced for LG Polls". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). 27 මාර්තු 2025. 27 මාර්තු 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 මාර්තු 2025.
  59. "Postal voting dates announced for Local Council Election". www.newswire.lk (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 27 මාර්තු 2025. 27 මාර්තු 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 මාර්තු 2025.
  60. "Local government elections - 2025.05.06: Postal voting - Revised dates (LAE/2025/55)" (PDF). elections.gov.lk. 17 අප්‍රේල් 2025. 20 අප්‍රේල් 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 20 අප්‍රේල් 2025.
  61. "EC revises postal voting dates for LG elections". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). 17 අප්‍රේල් 2025. 20 අප්‍රේල් 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 අප්‍රේල් 2025.
  62. "Smooth start to postal voting for LG Polls, says Elections Commission". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). 24 අප්‍රේල් 2025. 25 අප්‍රේල් 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 29 අප්‍රේල් 2025.
  63. "Final Day To Cast Postal Votes For Local Government Elections". english.newsfirst.lk (ඉංග්‍රීසි බසින්). 29 අප්‍රේල් 2025. 29 අප්‍රේල් 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 29 අප්‍රේල් 2025.
  64. "Voting for 2025 Local Govt. Election begins". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). 6 මැයි 2025. 6 මැයි 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 6 මැයි 2025.
  65. "Voting Underway For 2025 Local Government Elections". english.newsfirst.lk (ඉංග්‍රීසි බසින්). 6 මැයි 2025. 6 මැයි 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 6 මැයි 2025.
  66. "Polls close for Sri Lanka's Local Govt Elections". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). 6 මැයි 2025. 6 මැයි 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 6 මැයි 2025.
  67. "Local Government Elections Conclude Peacefully". english.newsfirst.lk (ඉංග්‍රීසි බසින්). 6 මැයි 2025. 6 මැයි 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 6 මැයි 2025.
  68. "අදත් පළාත් පාලන ආයත කිහිපයක බලය පිහිටුවයි". කොළඹ: අද දෙරණ. 30 ජුනි 2025.
  69. https://www.bbc.com/sinhala/articles/czeydnrd7yxo. {{cite web}}: Missing or empty |title= (help)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවේ පළාත් පාලන ඡන්ද විමසීම, 2025 පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවේ පළාත් පාලන ඡන්ද විමසීම, 2025 යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ පළාත් පාලන ඡන්ද විමසීම, 2025 යනු කුමක් දර්ශනය කරන්නේ?