2010 වි20 ක්‍රිකට් ලෝක කුසලානය

2010 අයිසීසී ලෝක විස්සයි20 යනු තුන්වන අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය වන අතර එය 2010 අප්‍රේල් 30 සහ මැයි 16 අතර බටහිර ඉන්දීය කොදෙව්හි පැවති ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරඟාවලියකි. එහි ජය හිමිවූයේ අවසන් මහා තරගයේදී ඔස්ට්‍රේලියාව පරාජය කළ එංගලන්තයයි. තරගාවලියේ වීරයා ලෙස කෙවින් පීටර්සන් නම් කෙරිණි.

වි20 අයිසීසී පිරිමි ලෝක කුසලානය 2010
කාලය2010 අප්‍රේල් 30 – 2010 මැයි 16
පරිපාලක(යෝ)ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය
ක්‍රිකට් තරඟ ආකෘතියවිස්සයි20 ජාත්‍යන්තර
තරඟාවලි ආකෘතියකණ්ඩායම් අදියර සහ නොකවුට්
සත්කාරකත්වය බටහිර ඉන්දීය කොදෙව්
ශූරයන් එංගලන්තය (1 වන වරට)
අනුශූරයන් ඕස්ට්‍රේලියාව
සහභාගීත්වය12
තරඟ27
තරඟාවලියේ වීරයා කෙවින් පීටර්සන්
වැඩිම ලකුණු මහේල ජයවර්ධන (302)
වැඩිම කඩුලු ඩිර්ක් නැනස් (14)
නිල වෙබ් අඩවියaus2022.t20worldcup.com/
2021
2024 →

2007 වසරේ ආරම්භ වී වසර දෙකකට වරක් මෙම තරගාවලිය පැවැත්වුවත්, 2010 වසරේ බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වීමට නියමිතව තිබූ අයිසීසී ශූරයන්ගේ කුසලාන එක්දින ජාත්‍යන්තර තරගාවලිය, 2008 වසරේ පාකිස්තානයේ පැවැති චැම්පියන්ස් කුසලාන තරගාවලිය ආරක්‍ෂාව හේතුවෙන් කල්දැමීම හේතුවෙන් විස්සයි20 ක්‍රමයට සංශෝධනය විය. මේ හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියේ දින දර්ශනය නිවැරදි කිරීමේ අවශ්‍යතාවයක් තිබුනා.

මෙම අයිසීසී ලෝක විස්සයි20 ලෝක කුසලානය පැවතියේ අවසන් තරගයෙන් මාස 10කට පසුවයි. පෙර පරිදිම, තරඟාවලියට කණ්ඩායම් 12 ක් ඇතුළත් විය. ඒ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 10 සහ සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් කණ්ඩායම් දෙකක් වශයෙනි.. බාබඩෝස් හි බ්‍රිජ්ටවුන් හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණය, ගයනාවේ ප්‍රොවිඩන්ස් හි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගනය සහ ශාන්ත ලුසියා හි ග්‍රොස් අයිලට් හි බියුස්ජෝර් ක්‍රීඩාංගනය හි මෙම සම්පූර්ණ තරගවලිය පවත්වන ලදී.. මෙම තරඟාවලියට සමගාමීව කාන්තා තරඟාවලිය සංවිධානය කර තිබූ අතර පිරිමි අවසන් පූර්ව තරඟ සහ අවසන් තරඟ දෙකට පෙර කාන්තා තරඟාවලියේ අවසන් පූර්ව තරඟ සහ අවසන් තරඟ පැවැත්විය.

මෙම තරඟයේදී ඇෆ්ගනිස්ථානය ප්‍රධාන අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකට ප්‍රථම වරට පෙනී සිටි අතර, ඔවුන් අනුබද්ධ සාමාජිකත්වය (Affiliate member) පමණක් හිමිකරගෙන සිටි අතර පසුව ප්‍රධාන අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකට සහභාගී වූ එකම අනුබද්ධ සාමාජිකයා බවට පත් වූ බැවින් එය වඩාත් කැපී පෙනෙන විය. .

සුදුසුකම් ලැබීමේ තරග

අයිසීසී ලෝක විස්සයි 20 සුදුසුකම් ලැබීමේ තරඟය ඇෆ්ගනිස්ථානය විසින් ජයග්‍රහණය කරන ලද අතර ඔවුන් අවසන් තරඟයේදී අයර්ලන්තය කඩුලු 8 කින් පරාජය කළ අතර දෙපිලම 2010 අයිසීසී ලෝක විස්සයි20 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත්හ. ඇෆ්ගනිස්තානය සුදුසුකම් ලැබූ පළමු ප්‍රධාන තරගාවලිය මෙය වූ අතර ප්‍රමුඛ පෙළේ කණ්ඩායම් වන නෙදර්ලන්තය සහ ස්කොට්ලන්තය මෙවර සුදුසුකම් ලැබීමට අපොහොසත් විය.

ක්‍රීඩාංගණ

සියලුම තරඟ පහත ක්‍රීඩාංගණ තුනේදී පැවැත්විණි.

ග්රෝස් අයිලට්, ශාන්ත ලුසියා බ්‍රිජ්ටවුන්, බාර්බඩෝස් ප්‍රොවිඩන්ස්, ගයනාව
බියුසේජෝර් ක්‍රීඩාංගණය

ධාරිතාව:20,000

කෙන්සිංටන් ඕවල්

ධාරිතාව: 28,000

ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගනය

ධාරිතාව: 15,000

නීති රීති

කණ්ඩායම් අදියරේදී සහ සුපිරි අටේදී කණ්ඩායම්වලට පහත පරිදි ලකුණු ප්‍රදානය කෙරේ.

ප්‍රතිඵලය ප්‍රසාද ලකුණු
ජය
2
සම/වි.නැ
1
පරාජ
0

සම තත්ත්වයකදී (එනම් කණ්ඩායම් දෙකම ඔවුන්ගේ අදාළ ඉනිම අවසානයේ එකම ලකුණු සංඛ්‍යාවක් ලබා ගනී), සුපිරි ඕවරයකින් ජයග්‍රාහකයා තීරණය කරයි. මෙය තරඟාවලියේ සෑම අදියරකටම අදාළ වේ.

එක් එක් කණ්ඩායම තුළ (කාණ්ඩ සහ සුපිරි අට අදියර දෙකෙහිම), කණ්ඩායම් පහත සඳහන් නිර්ණායක මත පදනම්ව එකිනෙකාට එරෙහිව ශ්‍රේණිගත කරනු ලැබේ.

  1. වැඩි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව
  2. සමාන නම්, වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාව
  3. තවමත් සමාන නම්, ඉහළ ශුද්ධ ලකුණු අනුපාතය
  4. තවමත් සමාන නම්, අඩුම පන්දු යැවීමේ ප්‍රහාරක අනුපාතය
  5. තවමත් සමාන නම්, එකිනෙක හා තරග වැදුනු තරගයේ ප්‍රතිඵලය.

කාණ්ඩ

කණ්ඩායම් සියල්ල බෙදා ඇති කාණ්ඩ 2009 ජූලි 4 දින ප්‍රකාශයට පත් කරන ලදී. ආරම්භක කාණ්ඩ හතරේ ආකෘතිය 2009 තරඟාවලියේ භාවිතා කළ ආකාරයටම වේ. 2009 තරගාවලියේ ශ්‍රේණිගතකිරීම් වරහන් තුල වේ.

සටහන්

  • 2010 අයිසීසී ලෝක විස්සයි20 සුදුසුකම් ලැබීමේ තරගය හරහා ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය සුදුසුකම් ලබා ඇත.
  • සිම්බාබ්වේ 2009 තරඟයෙන් ඉවත් වූ බැවින්, 2010 තරඟය සඳහා ශ්‍රේණිගත කිරීමක් ලබා ගැනීමට ඔවුන්ට නොහැකි විය.
  • අයර්ලන්තය 2009 තරගයේ සුපිරි අට අදියරට ළඟා වූ විට, ඔවුන් ටෙස්ට් ක්‍රීඩා කරන රටක් නම් ඔවුන් අටවැනි ශ්‍රේණිගත කිරීම වනු ඇත. ඒ නිසා අටවැනි ශ්‍රේණිගත කිරීමක් තරගයෙන් අතුරුදන්ව ඇත.

සංචිත

පුහුණු තරග

කාණ්ඩ අධියර

ඒ කාණ්ඩය

ස්ථා ශ්‍රේණි කණ්ඩායම විනැ ප්‍රසාද ශුලවේ
1 A2  ඕස්ට්‍රේලියාව (10) 2 2 0 0 4 1.525
2 A1  පකිස්තානය (1) 2 1 1 0 2 -0.325
3  බංග්ලාදේශය (9) 2 0 2 0 0 -1.200
2010 මැයි 1
13:30
ලකුණු පුවරුව
පකිස්තානය 
172/3 (ඕවර 20)
 බංග්ලාදේශය
151/7 (ඕවර 20)
සල්මන් බට් 73 (46)
ෂකීබ් අල් හසන් 2/27 (ඕවර 4)
මොහොමඩ් අෂ්රෆුල් 65 (49)
මොහොමඩ් සාමි 3/29 (ඕවර 4)
පාකිස්තානයට ලකුණු 21ක ජයක්
බියුස්ජෝර් ක්‍රීඩාංගණය, ග්‍රෝස් අයිලට්, ශාන්ත ලුසියා
තරගයේ වීරයා: සල්මන් බට්
විනිසුරුවන්: අසෝක ද සිල්වා සහ රොඩ් ටකර්
  • කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.

2010 මැයි 02
13:30
ලකුණු පුවරුව
 පකිස්තානය
157 (ඕවර 20)
ෂේන් වොට්සන් 81 (49)
මොහොමඩ් ආමර් 3/23 (ඕවර 4)
මිස්බා-උල්-හක් 41 (31)
ෂෝන් ටේට් 3/20 (ඕවර 4)
ඕස්ට්‍රේලියාවට ලකුණු 34ක ජයක්
බියුස්ජෝර් ක්‍රීඩාංගණය, ග්‍රෝස් අයිලට්, ශාන්ත ලුසියා
තරගයේ වීරයා: ෂේන් වොට්සන්
විනිසුරුවන්: අසෝක ද සිල්වා සහ ශවීර් තාරපුර්
  • ඕස්ට්‍රේලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ඕස්ට්‍රේලියානු ඉනිමේ අවසන් පන්දුවාරයේදී කඩුලු 5ක් බිඳ වැටුණ අතර මොහොමඩ් අමීර් මංගල ත්‍රිත්ව ලබාගන්නා ලදී. එම ඕවරයේ දුවද්දී දැවීයාම් 2ක්ද සිදුවිය.
  • මේ තරගයෙන් ඔස්ට්‍රේලියාව සුපිරි 8 වටයට සුදුසුකම් ලැබුවා.

2010 මැයි 05
13:00
ලකුණු පුවරුව
 බංග්ලාදේශය
114 (ඕවර 18.4)
මයිකල් හසී 47* (29)
ෂකීබ් අල් හසන් 2/24 (ඕවර 4)
ෂකීබ් අල් හසන් 28 (28)
ඩර්ක් නැන්ස් 4/18 (ඕවර 4)
ඕස්ට්‍රේලියාවට ලකුණු 27ක ජයක්
කෙන්සිංටන් ඕවල්, බ්‍රිජ්ටවුන්, බාබඩෝස්
තරගයේ වීරයා: මයිකල් හසී
විනිසුරුවන්: අලීම් ඩාර් සහ බිලී ඩොක්ට්‍රෝව්
  • ඕස්ට්‍රේලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස පාකිස්තානය සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගත්තේය.

බී කාණ්ඩය

ස්ථා ශ්‍රේණි කණ්ඩායම විනැ ප්‍රසාද ශුලවේ
1 B2  නවසීලන්තය(5) 2 2 0 0 4 0.428
2 B1  ශ්‍රී ලංකාව (2) 2 1 1 0 2 0.355
3  සිම්බාබ්වේ 2 0 2 0 0 -1.595
2010 අප්‍රේල් 30
13:00
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
135/6 (ඕවර 20)
 නවසීලන්තය
139/8 (ඕවර 19.5)
මහේල ජයවර්ධන 81 (51)
ෂේන් බොන්ඩ් 2/35 (ඕවර 4)
ජෙසී රයිඩර් 42 (27)
මුත්තයියා මුරලිදරන් 2/25 (ඕවර 4)
නවසීලන්තයට කඩුලු 2ක ජයක්
ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගනය, ප්‍රොවිඩන්ස්, ගයනාව
තරගයේ වීරයා: නේතන් මැකලම්
විනිසුරුවන්: ස්ටීව් ඩේවිස් සහ රුඩි කෝර්ට්සන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

2010 මැයි 3
09:30
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
173/7 (ඕවර 20)
 සිම්බාබ්වේ
29/1 (ඕවර 5)
මහේල ජයවර්ධන 100 (64)
රේ ප්‍රයිස් 2/31 (ඕවර 4)
ටටෙන්ඩා ටයිබු 12* (13)
ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයක් හිමිවිය (ඩ/ලු/ස් ක්‍රමය)
ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගනය, ප්‍රොවිඩන්ස්, ගයනාව
තරගයේ වීරයා: මහේල ජයවර්ධන
විනිසුරුවන්: බිලී ඩොක්ට්‍රෝව් සහ ඉයන් ගුල්ඩ්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් සිම්බාබ්වේ ඉනිම ඕවර 5කට සීමා විය. ඩ/ලු/ස් ක්‍රමය අනුව ඔවුන්ගේ ඉලක්කය වූයේ ලකුණු 44ක්.
  • මහේල ජයවර්ධන විස්සයි20 ජාත්‍යන්තර තරගයකදී ශතකයක් රැස්කළ සිවුවැනියා, අයිසීසී විස්සයි20 ලෝක කුසලානයේ තෙවැනියා සහ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්විය.
  • මෙම තරඟයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව සුපිරි 8 වටයට සුදුසුකම් ලැබුවා.

2010 මැයි 4
09:30
ලකුණු පුවරුව
සිම්බාබ්වේ 
84 (ඕවර 15.1)
 නවසීලන්තය
36/1 (ඕවර 8.1)
ටටෙන්ඩා ටයිබු 21 (14)
ස්කොට් ස්ටයිරිස් 3/5 (ඕවර 2)
බ්‍රෙන්ඩන් මැකලම් 22* (26)
ප්‍රොස්පර් උට්සේයා 1/21 (ඕවර 4)
නවසීලන්තයට ලකුණු 7ක ජයක් (ඩ/ලු/ස් ක්‍රමය)
ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගනය, ප්‍රොවිඩන්ස්, ගයනාව
තරගයේ වීරයා: නේතන් මැකලම්
විනිසුරුවන්: අසාද් රවුෆ් සහ ස්ටීව් ඩේවිස්
  • තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් නවසීලන්ත ඉනිම ඕවර 8.1කට සීමා විය. ඩ/ලු/ස් ක්‍රමය අනුව ඔවුන්ගේ ඉලක්කය ලකුණු 30ක් විය.
  • මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස නවසීලන්තය සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගත්තේය.

සී කාණ්ඩය

ස්ථා ශ්‍රේණි කණ්ඩායම විනැ ප්‍රසාද ශුලවේ
1 C2  ඉන්දියාව (7) 2 2 0 0 4 1.495
2 C1  දකුණු අප්‍රිකාව (3) 2 1 1 0 2 1.125
3  ඇෆ්ගනිස්ථානය (9) 2 0 2 0 0 -2.446
2010 මැයි 1
09:30
ලකුණු පුවරුව
ඇෆ්ගනිස්ථානය 
115/8 (ඕවර 20)
 ඉන්දියාව
116/3 (ඕවර 14.5)
නූර් අලි 50 (48)
ආශිෂ් නේරා 3/19 (ඕවර 4)
මුරලි විජේ 48 (46)
හමීඩ් හසන් 1/8 (ඕවර 3)
ඉන්දියාවට කඩුලු 7ක ජයක්
බියුස්ජෝර් ක්‍රීඩාංගණය, ග්‍රෝස් අයිලට්, ශාන්ත ලුසියා
තරගයේ වීරයා: ආශිෂ් නේරා
විනිසුරුවන්: අලීම් ඩාර් සහ මාරයිස් ඉරැස්මස්
  • තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.

2010 මැයි 2
09:30
ලකුණු පුවරුව
ඉන්දියාව 
186/5 (ඕවර 20)
සුරේෂ් රයිනා 101 (60)
රෝරි ක්ලයින්වෙල්ඩ්ට් 2/48 (ඕවර 4)
ජැක් කලිස් 73 (54)
යූසුෆ් පතාන් 2/42 (ඕවර 4)
ඉන්දියාවට ලකුණු 14ක ජයක්
බියුස්ජෝර් ක්‍රීඩාංගණය, ග්‍රෝස් අයිලට්, ශාන්ත ලුසියා
තරගයේ වීරයා: සුරේෂ් රයිනා
විනිසුරුවන්: අලීම් ඩාර් සහ සයිමන් ටවුෆෙල්
  • දකුණු අප්‍රිකාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
  • සුරේෂ් රයිනා වි20ජා ශතකයක් ලබාගත් ලොව තුන්වන, වි20 ලෝක කුසලානයක දෙවනි සහ පළමු ඉන්දියානුවා බවට පත් විය.
  • මෙම තරඟයේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව සුපිරි 8 වටයට සුදුසුකම් ලැබුවා.

2010 මැයි 5
17:00
(දිවා/රාත්‍රී)
ලකුණු පුවරුව
 ඇෆ්ගනිස්ථානය
80 (ඕවර 16)
ජැක් කලිස් 34 (33)
හමීඩ් හසන් 3/21 (ඕවර 4)
මිර්වයිස් අෂ්රෆ් 23 (25)
මෝර්නේ මෝකල් 4/20 (ඕවර 3)
දකුණු අප්‍රිකාවට ලකුණු 59ක ජයක්
කෙන්සිංටන් ඕවල්, බ්‍රිජ්ටවුන්, බාබඩෝස්
තරගයේ වීරයා: මෝර්නේ මෝකල්
විනිසුරුවන්: ඉයන් ගුල්ඩ් සහ සයිමන් ටවුෆෙල්
  • ඇෆ්ගනිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස දකුණු අප්‍රිකාව සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගත්තේය.

ඩී කාණ්ඩය

ස්ථා ශ්‍රේණි කණ්ඩායම විනැ ප්‍රසාද ශුලවේ
1 D1  බටහිර ඉන්දීය කොදෙව් (4) 2 2 0 0 4 2.780
2 D2  එංගලන්තය (6) 2 0 1 1 1 -0.452
3  අයර්ලන්තය 2 0 1 1 1 -3.500
2010 අප්‍රේල් 30
17:00
(දිවා/රාත්‍රී)
ලකුණු පුවරුව
 අයර්ලන්තය
68 (ඕවර 16.4)
ඩැරන් සැමී 30 (17)
ජෝර්ජ් ඩොක්‍රෙල් 3/16 (ඕවර 4)
ගැරී විල්සන් 17 (34)
ඩැරන් සැමී 3/8 (ඕවර 3.4)
බටහිර ඉන්දීය කොදෙව් පිලට ලකුණු 70ක ජයක් හිමිවිය
ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගනය, ප්‍රොවිඩන්ස්, ගයනාව
තරගයේ වීරයා: ඩැරන් සැමී
විනිසුරුවන්: අසාද් රවුෆ් සහ බිලී බෝඩන්
  • තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

2010 මැයි 3
13:30
ලකුණු පුවරුව
එංගලන්තය 
191/5 (ඕවර 20)
ඉයෝන් මෝගන් 55 (35)
ඩැරන් සැමී 2/22 (ඕවර 4)
ක්‍රිස් ගේල් 25 (12)
ග්‍රේම් ස්වෝන් 2/24 (ඕවර 2)
බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුලු 8ක ජයක් (ඩ/ලු/ස් ක්‍රමය)
ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගනය, ප්‍රොවිඩන්ස්, ගයනාව
තරගයේ වීරයා: ඩැරන් සැමී
විනිසුරුවන්: ටෝනි හිල් සහ රුඩි කෝර්ට්සන්
  • තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට ඩ/ලු/ස් ක්‍රමය අනුව ඔවුන්ගේ ඉලක්කය ඕවර 6 කදී ලකුණු 60ක් විය.
  • මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස බටහිර ඉන්දීය කොදෙව් පිල සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගත්තේය.

2010 මැයි 4
13:30
ලකුණු පුවරුව
එංගලන්තය 
120/8 (ඕවර 20)
 අයර්ලන්තය
14/1 (ඕවර 3.3)
ඉයෝන් මෝගන් 45 (37)
කෙවින් ඕබ්‍රයන් 2/22 (ඕවර 3)
නියල් ඕ'බ්‍රයන් 9* (5)
රයන් සයිඩ්බොටම් 1/9 (ඕවර 1.3)
ප්‍රතිඵලයක් නැත
ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගනය, ප්‍රොවිඩන්ස්, ගයනාව
තරගයේ වීරයා:
විනිසුරුවන්: බිලී බෝඩන් සහ ටෝනි හිල්
  • කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් අයර්ලන්ත ඉනිම ඕවර 3.3කට සීමා වූ අතර ඒ හේතුවෙන් තරගය අතහැර දැමීමට සිදුවිය.
  • මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස එංගලන්තය සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගත්තේය.

සුපිරි 8

සුපිරි 8 අධියර සමන්විත වන්නේ කාණ්ඩ අදියරේ සෑම කාණ්ඩයකින්ම හොඳම කණ්ඩායම් දෙකෙනි. සුපිරි 8 වටය කාණ්ඩ දෙකකට බෙදා ඇත, එනම් "ඊ" සහ "එෆ්" ලෙසය. "ඊ" කාණ්ඩය, "ඒ" සහ "සී" හි ඉහළම ශ්‍රේණිගත සහ "බී" සහ "ඩී" හි දෙවන ශ්‍රේණිගත කණ්ඩායම්ද, "එෆ්" කාණ්ඩය, "බී" සහ "ඩී" හි ඉහළම ශ්‍රේණිගත සහ "ඒ" සහ "සී" හි දෙවන ශ්‍රේණිගත කණ්ඩායම්ද, අයත් විය.

කාණ්ඩ අධියරේ තරග ප්‍රතිඵල අනුව පලමු හා දෙවන ස්ථාන දිනාගත් කණ්ඩායම් එම පිළිවෙලින් සුපිරි 8 වටයට සුදුසුකම් නොලබයි. තරගාවලියට පෙර ශ්‍රේණිගත ආකාරය අනුව ඔවුන්ගේ ස්ථානය වෙනස් වේ. (උදාහරණයක් ලෙස "බී" කාණ්ඩයේ තරග ප්‍රතිඵල අනුව දෙවන ස්ථානය ලබාගත්තත් ශ්‍රේණිගත කිරීම් අනුව ඔවුන් නවසීලන්තයට ඉදිරියෙන් සිටි බැවින් "බී" කාණ්ඩයේ පළමුවැනියා ලෙස සුපිරි 8 වටයට සුදුසුකම් ලැබීය.) ශ්‍රේණිගත නොවූ කණ්ඩායමක් සුපිරි 8ට සුදුසුකම් ලැබුවහොත් එම කාණ්ඩයේ නිරන්තරයෙන් දෙවනියා ලෙස ඉදිරියට යනු ඇත.

ඊ කාණ්ඩය

ස්ථා කණ්ඩායම විනැ ප්‍රසාද ශුලවේ
1  එංගලන්තය D2 3 3 0 0 6 0.962
2  පකිස්තානය A1 3 1 2 0 2 0.041
3  නවසීලන්තය B2 3 1 2 0 2 -0.373
4  දකුණු අප්‍රිකාව C1 3 1 2 0 2 -0.617
2010 මැයි 6
09:30
ලකුණු පුවරුව
පකිස්තානය 
147/9 (ඕවර 20)
 එංගලන්තය
151/4 (ඕවර 19.3)
සල්මන් බට් 34 (26)
මයිකල් යාර්ඩි 2/19 (ඕවර 4)
කෙවින් පීටර්සන් 73* (52)
සයීඩ් අජ්මාල් 2/18 (ඕවර 3.3)
එංගලන්තයට කඩුලු 6ක ජයක්
කෙන්සිංටන් ඕවල්, බ්‍රිජ්ටවුන්, බාබඩෝස්
තරගයේ වීරයා: කෙවින් පීටර්සන්
විනිසුරුවන්: බිලී බෝඩන් සහ රුඩි කෝර්ට්සන්
  • කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පන්දු රැකීමට තීරණය කළේය.

2010 මැයි 6
13:30
ලකුණු පුවරුව
 නවසීලන්තය
157/7 (ඕවර 20)
ඒබී ඩිවිලියර්ස් 47* (39)
ජේකොබ් ඕරම් 1/22 (ඕවර 3)
ජෙසී රයිඩර් 33 (28)
ජොහාන් බෝතා 2/23 (ඕවර 3)
දකුණු අප්‍රිකාවට ලකුණු 13ක ජයක්
කෙන්සිංටන් ඕවල්, බ්‍රිජ්ටවුන්, බාබඩෝස්
තරගයේ වීරයා: ඇල්බි මෝකල්
විනිසුරුවන්: අලීම් ඩාර් සහ ස්ටීව් ඩේවිස්
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.

2010 මැයි 8
09:30
ලකුණු පුවරුව
නවසීලන්තය 
133/7 (ඕවර 20)
 පකිස්තානය
132/7 (ඕවර 20)
ඩැනියෙල් විටෝරි 38 (34)
අබ්දුර් රෙහ්මාන් 2/19 (ඕවර 3)
සල්මන් බට් 67* (54)
ඉයන් බට්ලර් 3/19 (ඕවර 4)
නවසීලන්තයට ලකුණු 1ක ජයක්
කෙන්සිංටන් ඕවල්, බ්‍රිජ්ටවුන්, බාබඩෝස්
තරගයේ වීරයා: ඉයන් බට්ලර්
විනිසුරුවන්: බිලී ඩොක්ට්‍රෝව් සහ ඉයන් ගුල්ඩ්
  • පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2010 මැයි 8
13:30
ලකුණු පුවරුව
එංගලන්තය 
168/7 (ඕවර 20)
කෙවින් පීටර්සන් 53 (33)
ජොහාන් බෝතා 2/15 (ඕවර 4)
ජේපී ඩුමිනි 39 (25)
රයන් සයිඩ්බොටම් 3/23 (ඕවර 4)
එංගලන්තයට ලකුණු 39ක ජයක්
කෙන්සිංටන් ඕවල්, බ්‍රිජ්ටවුන්, බාබඩෝස්
තරගයේ වීරයා: කෙවින් පීටර්සන්
විනිසුරුවන්: අලීම් ඩාර් සහ ස්ටීව් ඩේවිස්
  • තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

2010 මැයි 10
09:30
ලකුණු පුවරුව
පකිස්තානය 
148/7 (ඕවර 20)
උමාර් අක්මාල් 51 (33)
චාල් ලැන්ග්වෙල්ඩ්ට් 4/19 (ඕවර 4)
ඒබී ඩිවිලියර්ස් 53 (41)
සයීඩ් අජ්මාල් 4/26 (ඕවර 4)
පාකිස්තානයට ලකුණු 11ක ජයක්
බියුස්ජෝර් ක්‍රීඩාංගණය, ග්‍රෝස් අයිලට්, ශාන්ත ලුසියා
තරගයේ වීරයා: උමාර් අක්මාල්
විනිසුරුවන්: බිලී ඩොක්ට්‍රෝව් සහ ඉයන් ගුල්ඩ්
  • කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස එංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

2010 මැයි 10
13:30
ලකුණු පුවරුව
නවසීලන්තය 
149/6 (ඕවර 20)
 එංගලන්තය
153/7 (ඕවර 19.1)
රොස් ටේලර් 44 (33)
ග්‍රේම් ස්වෝන් 2/31 (ඕවර 4)
ඉයෝන් මෝගන් 40 (34)
ස්කොට් ස්ටයිරිස් 2/16 (ඕවර 3)
එංගලන්තයට කඩුලු 3ක ජයක්
බියුස්ජෝර් ක්‍රීඩාංගණය, ග්‍රෝස් අයිලට්, ශාන්ත ලුසියා
තරගයේ වීරයා: ටිම් බ්‍රෙස්නන්
විනිසුරුවන්: ස්ටීව් ඩේවිස් සහ සයිමන් ටවුෆෙල්
  • තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස පාකිස්තානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

එෆ් කාණ්ඩය

ස්ථා කණ්ඩායම විනැ ප්‍රසාද ශුලවේ
1  ඕස්ට්‍රේලියාව A2 3 3 0 0 6 2.733
2  ශ්‍රී ලංකාව B1 3 2 1 0 4 -0.333
3  බටහිර ඉන්දීය කොදෙව් D1 3 1 2 0 2 -1.281
4  ඉන්දියාව C2 3 0 3 0 0 -1.117
2010 මැයි 7
09:30
ලකුණු පුවරුව
 ඉන්දියාව
135 (ඕවර 17.4)
ඩේවිඩ් වෝනර් 72 (42)
යුවරාජ් සිං 2/20 (ඕවර 2)
රෝහිත් ෂර්මා 79* (46)
ෂෝන් ටේට් 3/21 (ඕවර 3.4)
ඕස්ට්‍රේලියාවට ලකුණු 49ක ජයක්
කෙන්සිංටන් ඕවල්, බ්‍රිජ්ටවුන්, බාබඩෝස්
තරගයේ වීරයා: ඩේවිඩ් වෝනර්
විනිසුරුවන්: බිලී බෝඩන් සහ බිලී ඩොක්ට්‍රෝව්
  • තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.

2010 මැයි 7
13:30
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
195/3 (ඕවර 20)
මහේල ජයවර්ධන 98* (56)
කෙමාර් රෝච් 2/27 (ඕවර 4)
රාම්නරේෂ් සර්වාන් 28 (33)
අජන්ත මෙන්ඩිස් 3/24 (ඕවර 4)
ශ්‍රී ලංකාවට ලකුණු 57ක ජයක්
කෙන්සිංටන් ඕවල්, බ්‍රිජ්ටවුන්, බාබඩෝස්
තරගයේ වීරයා: මහේල ජයවර්ධන
විනිසුරුවන්: රුඩි කෝර්ට්සන් සහ සයිමන් ටවුෆෙල්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

2010 මැයි 9
09:30
ලකුණු පුවරුව
 ඉන්දියාව
155/9 (ඕවර 20)
ක්‍රිස් ගේල් 98 (66)
ආශිෂ් නේරා 3/35 (ඕවර 4)
සුරේෂ් රයිනා 32 (25)
කෙමාර් රෝච් 2/38 (ඕවර 4)
බටහිර ඉන්දීය කොදෙව් පිලට ලකුණු 14ක ජයක් හිමිවිය
කෙන්සිංටන් ඕවල්, බ්‍රිජ්ටවුන්, බාබඩෝස්
තරගයේ වීරයා: ක්‍රිස් ගේල්
විනිසුරුවන්: බිලී බෝඩන් සහ සයිමන් ටවුෆෙල්
  • තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.

2010 මැයි 9
14:00
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
87 (ඕවර 16.2)
කැමරන් වයිට් 85* (49)
සුරාජ් රන්දිව් 3/20 (ඕවර 4)
තිලකරත්න ඩිල්ෂාන් 20 (12)
මිචෙල් ජොන්සන් 3/15 (ඕවර 3.2)
ඕස්ට්‍රේලියාවට ලකුණු 81ක ජයක්
කෙන්සිංටන් ඕවල්, බ්‍රිජ්ටවුන්, බාබඩෝස්
තරගයේ වීරයා: කැමරන් වයිට්
විනිසුරුවන්: ඉයන් ගුල්ඩ් සහ රුඩි කෝර්ට්සන්
  • ඕස්ට්‍රේලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

2010 මැයි 11
13:00
ලකුණු පුවරුව
ඉන්දියාව 
163/5 (ඕවර 20)
 ශ්‍රී ලංකාව
167/5 (ඕවර 20)
සුරේෂ් රයිනා 63 (47)
ලසිත් මාලිංග 2/25 (ඕවර 4)
කුමාර් සංගක්කාර 46 (33)
විනේ කුමාර 2/30 (ඕවර 4)
ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් හිමිවිය
බියුස්ජෝර් ක්‍රීඩාංගණය, ග්‍රෝස් අයිලට්, ශාන්ත ලුසියා
තරගයේ වීරයා: ඇන්ජලෝ මැතිව්ස්
විනිසුරුවන්: අලීම් ඩාර් සහ ස්ටීව් ඩේවිස්
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.

2010 මැයි 11
17:00
(දිවා/රාත්‍රී)
ලකුණු පුවරුව
රාම්නරේෂ් සර්වාන් 26 (31)
ස්ටීව් ස්මිත් 3/20 (ඕවර 4)
බ්‍රැඩ් හැඩින් 42 (46)
ක්‍රිස් ගේල් 1/5 (ඕවර 0.2)
ඕස්ට්‍රේලියාවට කඩුලු 6ක ජයක්
බියුස්ජෝර් ක්‍රීඩාංගණය, ග්‍රෝස් අයිලට්, ශාන්ත ලුසියා
තරගයේ වීරයා: ස්ටීව් ස්මිත්
විනිසුරුවන්: බිලී බෝඩන් සහ රුඩි කෝර්ට්සන්
  • තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

අවසන් පූර්ව වටය

2010 මැයි 13
11:30
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
128/6 (ඕවර 20)
 එංගලන්තය
132/3 (ඕවර 16)
ඇන්ජලෝ මැතිව්ස් 58 (45)
ස්ටුවර්ට් බ්‍රෝඩ් 2/21 (ඕවර 4)
කෙවින් පීටර්සන් 42* (26)
තිසර පෙරේරා 2/19 (ඕවර 2)
එංගලන්තයට කඩුලු 7ක ජයක්
බියුස්ජෝර් ක්‍රීඩාංගණය, ග්‍රෝස් අයිලට්, ශාන්ත ලුසියා
තරගයේ වීරයා: ස්ටුවර්ට් බ්‍රෝඩ්
විනිසුරුවන්: අලීම් ඩාර් සහ සයිමන් ටවුෆෙල්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

2010 මැයි 14
11:30
ලකුණු පුවරුව
පකිස්තානය 
191/6 (ඕවර 20)
උමාර් අක්මාල් 56* (35)
ස්ටීව් ස්මිත් 1/23 (ඕවර 2)
මයිකල් හසී 60* (24)
මොහොමඩ් අමීර් 3/35 (ඕවර 4)
ඕස්ට්‍රේලියාවට කඩුලු 3ක ජයක්
බියුස්ජෝර් ක්‍රීඩාංගණය, ග්‍රෝස් අයිලට්, ශාන්ත ලුසියා
තරගයේ වීරයා: මයිකල් හසී
විනිසුරුවන්: බිලී ඩොක්ට්‍රෝව් සහ ඉයන් ගුල්ඩ්
  • ඕස්ට්‍රේලියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

අවසන් තරගය

2010 මැයි 16 වන දින බාබඩෝස් හි පැවති අවසන් තරඟය, ඕස්ට්‍රේලියාවේ පැවති අළු බඳුනට මාස හයකටත් අඩු කාලයකට පෙර තරඟයේ පැරණිතම එදිරිවාදිකම් අළුත් කිරීමක් විය. ලෝක කුසලාන අවසන් තරඟ තුනකින් පරාජයට පත්වීමෙන් පසු එනම් 1979 බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලෝඩ්ස් පිටියේදී, 1987 ඕස්ට්‍රේලියාවට එරෙහිව, 1992 පකිස්ථානයට එරෙහිව සහ 2004 චැම්පියන්ස් කුසලාන අවසන් තරගය බටහිර ඉන්දීය කොදෙව්වන්ට මව් බිමේදී පරාජයෙන් පසුව එංගලන්තය සිය පළමු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ශූරතාවයක් ඕවර තුනක් ඉතිරිව තිබියදී කඩුලු හතකින් ජයග්‍රහණය කළේය.

පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 6ක් දැවී ලකුණු 147ක් ලබා ගත් අතර, එංගලන්තය ඕවර 2.1කදී ඕස්ට්‍රේලියානු ඉනිම 8/3 කට සීමා කර තිබියදී නායක මයිකල් ක්ලාක් ඉවත් වීමෙන් පසුව ඩේවිඩ් හසීගේ ඉහළම ලකුණු සංඛ්‍යාව වූ 59 තීරණාත්මක විය. එංගලන්තය පන්දු 18ක් ඉතිරිව තිබියදී ඕස්ට්‍රේලියානු පිලේ ලකුණු සංඛ්‍යා අභිබවා ලකුණු 148 ලබා ගත් අතර, දෙවැනි කඩුල්ලට ලකුණු 111ක සබඳතාවක් ගොඩනැගීමට ක්‍රේග් කීස්වෙටර් (ලකුණු 63) සහ කෙවින් පීටර්සන් (ලකුණු 47) සමත් වූහ. නායක පෝල් කොලින්වුඩ් ජයග්‍රාහී ලකුණක් ලබා ගත්තේය. පීටර්සන් ලකුණු 248ක් රැස්කරමින් තරඟාවලියේ වීරයා ලෙස නම් කෙරුණු අතර, අවසන් තරඟයේදී ඔහුගේ පළමු වි20ජා අර්ධ ශතකය වාර්තා කළ ක්‍රේග් කීස්වෙටර් තරඟයේ වීරයා ලෙස නම් කෙරුණි.

2010 මැයි 16
11:30
ලකුණු පුවරුව
 එංගලන්තය
148/3 (ඕවර 17)
ඩේවිඩ් හසී 59 (54)
රයන් සයිඩ්බොටම් 2/26 (ඕවර 4)
ක්‍රේග් කීස්වෙටර් 63 (49)
ස්ටීව් ස්මිත් 1/21 (ඕවර 3)
එංගලන්තයට කඩුලු 7ක ජයක්
කෙන්සිංටන් ඕවල්, බ්‍රිජ්ටවුන්, බාබඩෝස්
තරගයේ වීරයා: ක්‍රේග් කීස්වෙටර්
විනිසුරුවන්: අලීම් ඩාර් සහ බිලී ඩොක්ට්‍රෝව්
  • කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
  • මෙය එංගලන්තය ජයගත් පළමු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ඉසව්ව විය.

මාධ්‍ය ආවරණය

රූපවාහිනී

රට / කලාපය විකාශක
ඇෆ්ගනිස්තානය Ariana Television NetworkLemar TV
ඕස්ට්‍රේලියාව Fox Sports
අප්‍රිකාව Supersport
බංගලාදේශය Bangladesh Television
සිංගප්පූරුව Star Cricket
කැරිබියන් දූපත් Caribbean Media Corporation
කැනඩාව Asian Television Network
යුරෝපය (එක්සත් රාජධානිය හා අයර්ලන්තය හැර) Eurosport2
චීනය ESPN Star Sports
ඉන්දියාව ESPNStar Cricket

DD National ප්‍රධාන ලෙස ඉන්දියානු තරග

ජැමෙයිකාව Television Jamaica
ජපානය Hum Tum TV
මැද පෙරදිග CricOne
නේපාලය ESPNStar Cricket
ෆීජි Fiji TV
නවසීලන්තය Sky Sport
පැසිෆික් දූපත් Sky Pacific
පකිස්තානය GEO SuperPakistan Television Corporation
දකුණු අප්‍රිකාව SupersportSabc3 Sport
ශ්‍රී ලංකාව Sri Lanka Rupavahini Corporation
එක්සත් රාජධානිය Sky Sports
අයර්ලන්තය
එක්සත් ජනපදය DirecTV CricketTicket

ගුවන්විදුලිය

රට / කලාපය විකාශක
ඕස්ට්‍රේලියාව ABC Local Radio
ඉන්දියාව All India Radio
බටහිර ඉන්දීය කොදෙව් Caribbean Media Corporation
බංගලාදේශය Bangladesh Betar
කැනඩාව EchoStar
මධ්‍යම ඇමරිකාව
එක්සත් රාජධානිය BBC Radio
අයර්ලන්තය
පකිස්තානය Hum FM
එක්සත් අරාබි එමීර්

අන්තර්ජාලය

රට / කලාපය විකාශක
එක්සත් රාජධානිය BSkyB (skysports.com)
අයර්ලන්තය
බටහිර ඉන්දීය කොදෙව් Caribbean Media Corporation (Cananews.com සංරක්ෂණය කළ පිටපත 1998-05-02 at the Wayback Machine)
එක්සත් ජනපදය DirecTV (Willow.tv)
ඉන්දියාව ESPN STAR Sports (Espnstar.com)
පකිස්තානය
බංගලාදේශය
නේපාලය
භූතානය
ශ්‍රී ලංකාව
මාලදිවයින
යුරෝපය (එක්සත් රාජධානිය හා අයර්ලන්තය හැර) Eurosport (Eurosport Player)
ඕස්ට්‍රේලියාව Fox Sports (Foxsports.com.au)
නවසීලන්තය Sky Sport (skysport.co.nz)
අප්‍රිකාව SuperSport (supersport.com සංරක්ෂණය කළ පිටපත 2011-03-08 at the Wayback Machine)
වෙනත් රටවල් ESPN Star Sports (espnstar.com)

යොමු කිරීම්

  1. "Third World Twenty20 set for 2010". 10 January 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 May 2010.
  2. "Third World Twenty20 set for 2010". 10 January 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 May 2010.
  3. Playing conditions සංරක්ෂණය කළ පිටපත 20 ජූලි 2008 at the Wayback Machine, from ICC World Twenty20 homepage. Retrieved 12 September 2007
  4. Final WorldTwenty20 Playing conditions සංරක්ෂණය කළ පිටපත 11 සැප්තැම්බර් 2008 at the Wayback Machine, from ICC World Twenty20 homepage. Retrieved 12 September 2007
  5. Bull, Andy (2 May 2010). "Pakistan's five-wicket maiden is too late to prevent Australia win". The Guardian. 6 May 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 3 May 2010.
  6. "Raina century seals one-sided win". ESPNcricinfo. 2 May 2010. සම්ප්‍රවේශය 17 May 2019.
  7. "ICC World Twenty20 / Groups". ESPNcricinfo. 2 May 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 3 May 2010.
  8. "England cruise to World Twenty20 title". ninemsn. 17 May 2010. 15 July 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 May 2010.
  9. Reekie, Harry (16 May 2010). "England beat Australia to win World Twenty20 title". BBC Sport. 18 May 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 16 May 2010.
  10. "Collingwood – We are ready". Sky Sports. BSkyB. 16 May 2010. 18 May 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 May 2010.
  11. "England clinches World Twenty20 title". ABC News. Australian Broadcasting Corporation. 17 May 2010. 19 May 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 16 May 2010.
  12. "KP lauds 'hungry' England". Sky Sports. BSkyB. 16 May 2010. 20 May 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 May 2010.
  13. "ICC World T20 2010 Broadcasters list" (PDF).
  14. "Every game of ICC World Twenty20 LIVE and exclusive on Fox Sports". Fox Sports. සම්ප්‍රවේශය 4 May 2010. Retrieved 26 April 2010
  15. "ICC World T20 2010 Broadcasters list" (PDF).
  16. "ICC World T20 2010 Broadcasters list" (PDF).
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2010 වි20 ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ තොරතුරු, 2010 වි20 ක්‍රිකට් ලෝක කුසලානය යනු කුමක්ද? 2010 වි20 ක්‍රිකට් ලෝක කුසලානය යනු කුමක් දර්ශනය කරන්නේ?