ප්‍රධාන දුම්රිය මාර්ගය (ශ්‍රී ලංකාව)

ප්‍රධාන දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනයෙහි හි වැදගත් මාර්ගයකි. එය කොළඹ කොටුවෙන් අාරම්භ වී බදුල්ල දක්වා දිව යයි.

ප්‍රධාන දුම්රිය මාර්ගය
Main Line
උඩරට මැණිකේ නගරාන්තර දුම්රිය, දර්ශනීය කන්ද උඩරට හරහා දිවෙන අවස්ථාවක්
දළ විශ්ලේෂණය
TypeIntercity rail
පද්ධතියශ්‍රී ලංකා දුම්රිය සේවය
ගමනාන්තකොළඹ කොටුව
බදුල්ල
ක්‍රියාකාරිත්වය
විවෘතය1864
හිමිකරුශ්‍රී ලංකා දුම්රිය සේවය
ක්‍රියාකරුශ්‍රී ලංකා දුම්රිය සේවය
තාක්ෂණික
මාර්ග ආමානය5අඩි6අඟ
මාර්ග සිතියම
ප්‍රධාන දුම්රිය මාර්ගය
ආඛායිකාව
බදුල්ල
හාලි ඇළ
උඩුවර
දෙමෝදර වටරවුම
දෙමෝදර
ඇල්ල
කිතල් ඇල්ල
හීල් ඔය
කිනිගම
බණ්ඩාරවෙල
දියතලාව
හපුතලේ
තන්ගමලේ අභයභූමිය
ඉදල්ගස්හින්න
ඔහිය
Summit 1898.1m above MSL
පට්ටිපොල
අඹේවෙල
හෝටන් තැන්න ජාතික උද්‍යානය
පරාක්‍රමපුර
වසා ඇති උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය
නානු ඔය
රදැල්ල
ග්‍රේට් වෙස්ටර්න්
වටගොඩ
ඉහළ කොත්මලේ ජලාශය
තලවකැලේ
කොටගල
හැටන්
රොසෙල්ල
ඉහළ වටවල
වටවල
දෙකින්ද
ගල්බොඩ
පෙන්රෝස්
ඉඟුරුඔය
හයිටෙන්ෆෝර්ඩ්
මහවැලි ගඟ
නාවලපිටිය
වරකාව
පල්ලේගම
උලපනේ
වරකාපිටිය
තැඹිලිගල
වල්ලහගොඩ
ගම්පොළ
කහටපිටිය
ගංගාතිලක
වැලිගල්ල
පොල්ගහ අඟ
ගෙලිඔය
කොස්හින්න
මාතලේ දුම්රිය මාර්ගය
පේරාදෙණිය හංදිය
බරම්මනේ
පිළිමතලාව
කඩුගන්නාව
වෙරළුගොල්ල
බලන
මාකෙහෙල්වල
ඉහළ කෝට්ටේ
ගංගොඩ
යටිවැල්දෙණිය
කඩිගමුව
රඹුක්කන
කුඩා ඔය
යටගම
තිස්මල්පොල
පනලිය
උතුරු දුම්රිය මාර්ගය
පොල්ගහවෙල හංදිය
වලකුඹුර
අලව්ව
බුජ්ජොමුව
යත්තල්ගොඩ
මහා ඔය
අඹේපුස්ස
බෝතලේ
විල්වත්ත
මීරිගම
විජය රජදහන
ගනේගොඩ
පල්ලෙවෙල
කීනවල
වදුරාව
වේයන්ගොඩ
හීන්දෙනිය පට්ටියගොඩ
මගලේගොඩ
බෙම්මුල්ල
දාරළුව
ගම්පහ
යාගොඩ
ගණේමුල්ල
බුළුගහගොඩ
බටුවත්ත
වල්පොළ
පුත්තලම දුම්රිය මාර්ගය
රාගම හංදිය
හොරපේ
එඬේරමුල්ල
හුණුපිටිය
වනවාසල
කැළණිය
කැළණි ගඟ
දෙමටගොඩ
කැළණි වැලි දුම්රිය මාර්ගය
මරදාන
ශාන්ත සෙබස්තියන් ඇළ
කොළඹ කොටුව
මුහුදුබඩ දුම්රිය මාර්ගය

මාර්ග විස්තරය

ප්‍රධාන මාර්ගය කොළඹ කොටුවෙන් ආරම්භ වී රාගම ගම්පහ වේයන්ගොඩ පාෙල්ගහවෙල හරහා රඹුක්කන දක්වා ද්විත්ව මාර්ගයක් ලෙස දිව යයි. එතැන් පටන් තනි මාර්ගයක් ලෙස දිවෙයි. රඹුක්කන සිට කඩුගන්නාව දක්වා සීඝ්‍ර නැග්මක් වේ. රාගම දී පුත්තලම් මාර්ගයද, පාෙල්ගහවෙල දී කන්කසක්තුරේ මාර්ගයද, පේරාදෙණියේදී මාතලේ දක්වා වූ මාර්ගයද, මුණ ගැසේ. නාවලපිටිය සිට පට්ට්පොල දක්වා ද සීඝ්‍ර නැග්මක් වන අතර එතැන් සිට අැත්තේ බැස්මකි. බිංගෙවල් 46ක් හමුවන අතර මෙම මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට අලංකාර දියඅැලි, තේ වතු, කදු මිටියාවත් දැක ගත හැක.

ඉතිහාසය

මෙය ශ්‍රී ලංකාවේ පළමු දුම්රිය මාර්ගයයි. 1864 දී කොළඹ සිට කිලෝමීටර 54 නැගෙනහිර දෙසට වූ අඹේපුස්ස දක්වා පළමු අදියර නිම කෙරුණි. 1864 දෙසැම්බර් 27 පළමු දුම්රිය ධාවනය කළ අතර 1865 ඔක්තෝබර් 2 නිල වශයෙන් විවෘත විය. 1867 මහනුවර දක්වාද, 1874 දී නාවලපිටිය දක්වා ද,1885 දී නානුඔය දක්වාද, 1894 දි බණ්ඩාරවෙල දක්වාද, 1924 දී බදුල්ල දක්වාද මෙම මාර්ගය දීර්ඝ විය. 1953 තෙක් ප්‍රධාන මාර්ගයේ වාශ්ප එන්ජින් මගින් දුම්රිය ධාවනය කළ අතර 50 දශකයේ දී බී. ඩී. රම්පාල මහතාගේ නායකත්වයෙන් විවිධ ඩීසල් එන්ජින් සේවයට එක් කෙරුණි.

2011 දී එක්ස්පෝරේල් හා රාජධානි එක්ස්ප්‍රස් සේවා ප්‍රධාන මාර්ගයේ අාරම්භ වුණි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් 2011 දී ප්‍රධාන මාර්ගයේ අැති නැග්මවල් වලට උචිත වන සේ සැකසූ S12 බලවේග කට්ටල අානයනය කරන ලදී.


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ප්‍රධාන දුම්රිය මාර්ගය (ශ්‍රී ලංකාව) පිළිබඳ තොරතුරු, ප්‍රධාන දුම්රිය මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක්ද? ප්‍රධාන දුම්රිය මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක් දර්ශනය කරන්නේ?