ආනන්ද - නාලන්ද යනු කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය අතර පවත්වන වාර්ෂික මහා ක්‍රිකටි තරගයයි. ප්‍රථම වතාවට මෙය 1924 දී පවත්වන ලදී.
| ආනන්ද - නාලන්ද | |
| ක්‍රීඩාව | ක්‍රිකට් |
| කාලානුරූපය | 1924 – අද දක්වා |
| තරගාවලි ආකෘතිය | වාර්ෂික දෙදින තරගය |
| සහභාගි වන්නෝ | 25px ආනන්ද විද්‍යාලය කොළඹ 25px නාලන්දා විද්‍යාලය, කොළඹ |
ආනන්ද - නාලන්ද වැදගත් සංසිද්ධි.
- ශ්‍රී ලංකා ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්නපුර ආදි නාලන්දියකි. ලංකාවට ප්‍රථම ලෝක කුසලානය 1996 දී ගෙන දුන් ක්‍රිකට් කණ්ඩායමෙහි නායකයා වූයේ ආදි ආනන්දීය අර්ජුන රණතුංගයි.
- ශ්‍රී ලංකා පිලට ප්‍රථම අර්ධ ශතකය, ශතකය හා ද්විත්ව ශතකය ලබා දුන්නේ ආදි ආනන්දීය අර්ජුන රණතුංග, සිදත් වෙත්තමුනි හා බ්‍රෙන්ඩන් කුරුප්පුයි.
- අද දක්වා මෙම විදුහල් දෙක ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් ක්‍රිකට් පිලට අති දක්ෂ ක්‍රීඩකයින් 30 දෙනෙක් දායාද කර ඇත.
- ශ්‍රී ලංකාවෙ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයට මෙම විදුහල් දෙකෙන් ක්‍රීඩකයන් පස් දෙනෙක් විය. එනම් ආන්දයේ අර්ජුන රනතුංග, සිදත් වෙත්තමුනි, අජිත් ද සිල්වාත් නාලන්දාවේ බන්දුල වර්නපුර හා ලලිත් කලුපෙරුමත්ය.
- ලංකාවට ප්‍රථම ලෝක කුසලානය 1996 ගෙනදුන් ක්‍රිකට් කන්ඩායමට ආනන්දයෙන් අර්ජුන රණතුංගත් නාලන්දයෙන් රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ හා කුමාර ධර්මසේනත් ක්‍රීඩා කලහ.
- 1996 හි ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල සභාපති ආදි ආනන්දීය අනා පුංචිහේවාවූ අතර උප සභාපතිවූයේ ආදි නාලන්දීය ගෞරවණීය තිලංග සුමතිපාල මැතිතුමායි.
- වර්තමාන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ආදි නාලන්දියකි.
- ලෝකයේ ප්‍රථමයෙන්ම ගුවන් විදුලියෙන් සිංහල බසින් ක්‍රිකට් ක්‍රීඩා විචාරයක් පැවැත්වූයේද ආදි නාලන්දයීය කරුණාරත්න අබේසේකර මහතායි.
- ශ්‍රී ලංකාවහි ප්‍රවීන හා ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩා නිවේදකයන් වන ප්‍රේමසර ඈපාසිංහ, පාලිත පෙරේරා හා කමල් දේශප්‍රිය ආදි නාලන්දියයන්ය.
- ආදි නාලන්දියයන් වන හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක රොෂාන් මහානාම අද ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල එලයිට් පැනල් විනිසුරුවරයෙක් වන අතර හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කුමාර ධර්මසේන ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල විනිසුරුවරයෙකි.
- ආදි නාලන්දිය කුමාර ධර්මසේන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගයකදී ක්‍රීඩකයෙකු සහ ප්‍රධාන විනිසුරුවරයෙකු වූ ලොව පළමු පුද්ගලයාය.
ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයට ක්‍රීඩා කල ශ්‍රී ලංකා ප්‍රකටයන්
|
|
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලට ආනන්ද නාලන්ද දායකත්වය
|
|
තවද බලන්න
ආශ්‍රිත
- කුමාර ධර්මසේන ලෝක කුසලාන අවසන් මහ තරඟයේ විනිසුරු ලෙස නම් කෙරේ සංරක්ෂණය කළ පිටපත 2015-03-28 at the Wayback Machine
- ලෝක කුසලාන අවසන් මහා සටනට ලාංකිකයන් දෙදෙනෙක් සංරක්ෂණය කළ පිටපත 2015-04-30 at the Wayback Machine
- ලෝක කුසලාන අවසාන තරඟයට ලාංකිකයන් දෙදෙනෙක්
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගය පිළිබඳ තොරතුරු, ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගය යනු කුමක්ද? ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගය යනු කුමක් දර්ශනය කරන්නේ?